ශ්රී ලංකා ආයුර්වේද සංස්ථාව විසින් චක්රලේඛ නියෝගයන්ට පටහැනිව මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ඉකුත් වසර 08ක කාලයක් තුළදී දිරිදීමනා වශයෙන් සංස්ථාවේ සේවකයන් සඳහා රුපියල් හැට එක්කෝටි දසලක්ෂ හැත්තෑ එක් දහස් පන්සිය හැටනවයක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් පෙබරවාරි මස 03 වැනි දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
2022 මාර්තු මාසයේ සිට 2023 දෙසැම්බර් 31 වැනි දා දක්වා සංස්ථාවේ සේවකයන් සඳහා නිෂ්පාදන දිරි දීමනා වශයෙන් දෙකෝටි නව ලක්ෂ දාහත් දහස් තුන්සීය තිස් හතක මුදලක් ද, පැමිණීමේ දීමනා වශයෙන් අනූ අට ලක්ෂ අනූ හත් දහස් නවසිය පනහක මුදලක් ද, ඵලදායිතා දීමනා වශයෙන් රුපියල් තුන්කෝටි හතළිස් එක් ලක්ෂ දාහතර දහස් හත් සිය හැට අටක මුදලක් ද ගෙවා ඇති බව එම විගණන වාර්තාවේ සඳහන් වේ.
2022 මාර්තු මාසයේ සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලයේ දී චක්රලේඛ නියමයන්ට පටහැනිව ගෙවා ඇති දීමනාවල එකතුව රුපියල් හයකෝටි හතළිස් නව ලක්ෂ තිස් දහස් පනස් පහකි. විධිමත් අනුමැතිය ලබා ගත් දිරි දීමනා යෝජනා ක්රමයක් මත පමණක් දිරි දීමනා ගෙවිය යුතු බවට විගණනය මගින් ආයුර්වේද ඖෂධ සංස්ථාවට නිර්දේශ කර ඇත.
චන්දන සමරවික්රම