දිවයින පුරා 6 වන ශ්‍රේණියෙන් ඉහලට පංති පැවැත්වෙන සියලුම පාසල් කේන්ද්‍රකර ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහාවූ "පවුර සංසදය"සමිති පිහිටුවීමේ වැඩ සටහනක් පොලිසිය මගින් ආරම්භ කර තිබේ.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි සියලු පොලිස් ස්තානාධිපතිවරුන්ට මෙම සමිති පිහිටුවීමේ වගකීම පවරා ඇත.
පාසල් තුළ මෙන්ම ඒ අවට මත්ද්‍රව්‍ය පැතිරීම ,අලෙවිය,භාවිතය නතර කර පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම මෙම වැඩ සටහනේ අරමුණ වී ඇත.
පාසලේ විදුහල්පති විසින් නම් කරන ලද ගුරුවරයෙකු මෙම සංසදයෙහි සභාපති වන අතර ගුරුවරුන් ,ශිෂ්‍ය නායකයින් , ප්‍රදේශයේ රජයේ සේවයේ නියුතු මෙන්ම විශ්‍රාමික නිලධාරින් ,පාසල් සිසු ප්‍රවාහන රියදුරන් ,වෙළඳ ව්‍යාපාරිකයන් ආදීන් ඇතුළත් නිලධාරී මන්ඩලයකින් මෙම සංසදය සමන්විත විය යුතුවේ.මතින් තොර අය මේ සඳහා පත්කර ගතයුතුවේ.
පාසල පිහිටි ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පිළිබඳ සමීක්ෂණයක් සිදුකර පොලිසිය සමග එක්වී පාසල්වල හා ඒ අවට කලාපය මතින් තොර කිරීම මෙම සංසදය ට පැවරේ.
මසකට වරක් මෙම සංසදය රැස්වී ප්‍රගතිය සාකච්චා කළයුතු අතර නිලධාරීන් පත්කර ගැනීමේදී සියයට 25 ක් කාන්තාවන් පත්කර ගතයුතුවේ.
මෙම සංසද පිහිටුවීම පෙබරවාරි 15 දිනට පෙර නිම කල යුතු බව මේ සම්බන්ධයෙන් වූ උපදෙස් ලිපියේ සඳහන් වේ.
ජේ. ඉඳුරුවගේ