saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 3463 hours ago

LATEST

ලංකා සතොසින් බිත්තරයක් රු 35කට

calendar_today 2023 ජුලි 26 - 09:10 remove_red_eye - 392  

ලංකා සතොස හරහා බිත්තරයක් රුපියල් 35ක මිලකට ලබාදීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

දුම්රිය මගී ජනතාවගේ බලවත් ඉල්ලීම මත මහනුවර මාතලේ අතර ධාවනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් යෙදවූ බලවේග කට්ටල දුම්රිය එහි නියාමකවරුන් අතර පවතින මත භේදයක් හේතුවෙන් දින ගණනාවක් තිස්සේ ධාවනය නොකොට දුම්රිය අංගනයේ නවතා තිබෙන බව මහනුවර මාතලේ දුම්රිය මගී එකමුතුවේ සභාපති කසුන් හල්විටගේ මහතා පවසයි .

Read More

පුරන් කුඹුරු මූලික බිම් සැකසීම සඳහා අක්කරයකට රු. 36,000ක මූල්‍ය සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම සිදු කරමින් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ගුවන් තැපැල් පාර්සල් ලෙස සීදුව පෞද්ගලික කූරියර් ආයතනයක් වෙත එවා තිබූ රු. කෝටි 07 ක් පමණ වටිනා විදේශයන්හි නිෂ්පාදිත මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ (25දා) සවස අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

හන්තාන අධි සංවේදී පරිසර කලාපයේඉඩම් කැබලි 20 ක්කොටස් කිරීමට ගෙන තිබූ තීරණය වහාම නතර කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් නියෝග කොට තිබේ .

Read More

ඔලිව් වගාව මෙරටට හඳුන්වාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මූල්‍ය අභියෝග ජය ගැනීමට සහ තිරසාර සංවර්ධනයක් අත්කරගැනීම සඳහා ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා දෙන බව මාර්ක් අන්ඩ්‍රේ මහතා සඳහන් කළේය.

Read More

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් 21 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (25) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.

Read More

අභිරහස් ලෙස කපා කොටා 30 හැවිරිදි තම පුතු ඝාතනය කර වගා ලිදකට දමා සාක්ෂි වසම් කරමින් සිටි නරුම පියෙකු දීර්ඝ විමර්ශනයකින් පසු නීතියේ රැහැනට ඊයේ (24දා) සවස හසු කර ගත් බව කැබිතිගොල්ලෑව කොටිඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියයි.

Read More

වසරේ මුල් භාගයේ හොඳම තත්ත්වයේ සිටි ශ්‍රී ලංකා රුපියල මේ වන විට ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත් වී ඇතැයි ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි. මහ බැංකුවේ පොලී අනුපාත අඩු කිරීම හා ආනයන පාලනයන් ලිහිල් කිරීම ආදී හේතුවෙන් ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ යාම මේ සඳහා හේතුව වී තිබේ.

Read More

රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් දැනුම් දීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නලු නිළියන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් සත පහක් හෝ වියදම් කර ඇතැයි යම් අයෙක් ඔප්පු කළොත් තමන් ඇතුළු පිරිස ධුරවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා පැවැසීය.

Read More

උඩරට වතුකරය ආශ්‍රිත ප්‍රදේශවල මත්වතුර අළෙවිය සීඝ්‍ර ලෙස පහත බැස ඇති බවත්, රජය විසින් අවසන් වරට මත්පැන් වර්ගවල මිල වැඩි කිරීමත් සමග පෙර පැවැති අළෙවියට සාපේක්ෂව මේ වනවිට අළෙවිය සියයට හැත්තෑවක පමණ ප්‍රමාණය දක්වා පහත බැස ඇතැයි උඩරට මත්පැන්හල් හිමිකරුවෝ පවසති.

Read More

පවුල් ආරවුලක් හේතුවෙන් රුපියල් එක් ලක්ෂ දස දහසක කොන්ත්‍රාත්තුවක් දී පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්දයෙන් කාන්තාවක ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව තෙබුවන පොලිසිය පවසයි.

Read More

හෙරොයින් මත් කුඩු ළඟ තබා ගෙන සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයෙකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පුද්ගලයෙකු ඊයේ (24 දා) අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය පවසයි.

Read More

පසුගිය අරගලය සමග රැල්ලට ආපු ඇතැම් දේශපාලන පක්ෂ රැල්ලත් එක්කම අද ගසාගෙන ගොස් ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Read More

මීගමුව, ලියනගේමුල්ල සීදූව ප්රල දේශයේ අවුරුදු 17ක දැරියක් ජුනි මස 17 වැනි දින සිට අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.මේ සම්බන්ධයෙන් දැරියගේ පියා විසින් මීගමුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඇයව සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

Read More

පසුගිය දාහත්වන දින සිට ආගිය අතක් නොමැතිව සිට හේවාහැට රහතුන්ගොඩ ප්‍රදේශයේ තරුණ මව හා දියණිය අවිස්සාවේල්ල ගලබලන කන්ද මාණික්කාව ප්‍රදේශයේ ඇයගේ ඥාති නිවසක සිටියදී අවිස්සාවේල්ල පොලීසිය විසින් ඊයේ සවස (24) සොයාගෙන ඇත.

Read More

වඩා යෝග්‍ය ආකෘතියක් යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහත කිරීම සම්බන්ධයෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කිරිම පිණිස අදාළ විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

Read More

තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ වතුයායක පියෙකු විසින් තුන් හැවිරිදි වියේ පසුවන කුඩා පිරිමි දරුවෙකුගේ ශරීරයට උණු වතුර දමා දරුණු ලෙස පුළුස්සා බරපතල තුවාල සිදු කොට ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

Read More

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි වර්තමාන සහ අපේක්ෂිත සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් සහ ජාත්‍යන්තර ගනුදෙනු වෙනුවෙන් තවදුරටත් පහසුකම් සැලසීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිත ව විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නව නියමයක් නිකුත් කර ඇත.

Read More

ඒ අනුව වසරකට වැඩිම මුදලක් ලෙස දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ උපාධි අපේක්ෂකයකුට රු. 1,712,039ක් වෙන් කරන අතර, ඒ අනුව අවුරුදු 5ක පාඨමාලා කාලයට රු. 8,560,195ක් ඇස්තමේන්තු කරනු ලැබේ. දෙවනුව වැඩිම මුදලක් ලෙස රු. 1,522,988ක් පශු වෛද්‍ය විද්‍යා පීඨයේ උපාධි අපේක්ෂකයකුට වෙන් කරන අතර, ඒ අනුව අවුරුදු 05ක පාඨමාලා කාලයට රු. 7,614,940ක් ඇස්තමේන්තු කරනු ලබයි. එමෙන්ම වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂකයකු සඳහා රු. 1,010,452ක් වසරකට වෙන් කරන අතර, ඒ අනුව අවුරුදු 5ක පාඨමා

Read More

සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (26දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

Read More
ඩොල්ලා දැලේ
24 07 2023 21:10:00
0 638

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව, සංචාරක වීසා මගින් කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුකිරීමේ ජාවාරමක නිරත වූ ඩොල්ලා නමින් අන්වර්ත නාමයකින් පෙනී සිටි ෂිරාෆ් සාදික් නැමැත්තෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් 2023.07.21 දින අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉතා රහසිගත ලෙස ගබඩා කර තිබූ පුපුරන ද්‍රව්‍ය තොගයක් බණ්ඩාරගම ගුන්ගමුව ප්‍රදේශයේන් සොයාගත් බව කළුතර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. ඒවා රැගෙන ආ බව කියන පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මෙරටට ආනයනය කරන ඖෂධ වලින් 80% ආනයනය කරන්නේ ඉන්දියාවෙන් - සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන දාරළුව ප්‍රදේශයේ තිබී කපා වළ දමා ඇති බව කියන, වඳවී යෑමේ තර්ජනයට ලක් වීම හේතුවෙන් රතු දත්ත පොතේ සඳහන් වී ඇති පඬු කරඳ (කෲඩියා සෙලනිකා) ගස පරීක්ෂණයක් සඳහා මේ මස 28 වැනිදා ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මිය ඉදිරියේ ගොඩ ගැනීමටපියවර ගන්නා ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය අද (24දා) පස්වරුවේ ගම්පහ දිසා වන නිලධාරී වරයාට නියෝග කළාය.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ පැවත්වෙන විශේෂ ආගමික උත්සව අවස්ථා ඇතුලු සියලු උත්සව අවස්ථාවන් සඳහා පිටස්තර ප්‍රදේශයන්හි සිට අලි ඇතුන් රැගෙන ඒමේදී විශේෂ අවසරයක් තිබිය යුතු බවට යාපනය දිසාපති ඒ. සිවබාල සුන්දරම් මහතා විසින් දැනුම් දී ඇත.

Read More

තොඩුවාව පොලිස්ථානයෙ රථවාහන රාජකාරි වල නිරතව සිටි පොලිස් නිළධාරින් දෙදෙනෙකුට පහර දිමේ චෝදනාව මත තොඩුවාව බරුදැල්පොල පදිංචි කාන්තාවක් ඇතුළු 15 දෙනෙකු තොඩුවාව පොලිසිය මගින් අද සවස අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

මෙම මුහුදු පැළෑටි ජෙලි පෘතුගීසීන්ගේ වට්ටෝරුවක් අනුව මුස්ලිම් කාන්තාවන් විසින් පිසිණු ලැබූවක්. ඉතින් කල්පිටියට ගියොත් මුහුදු පැළැටි ජෙලි හදන ආකාරයත් ඉගෙන ගන්න පුළුවන්. මම ආහාර ගෙන එතැනින් පිටතට ඒමට පෙර ඔවුන්ගෙන් ඇහුවා “ඇයි සුදු මේස රෙද්දක් නැතිව කහ පැහැති රෙද්දක් දාලා තියෙන්නේ” කියලා . ඔවුන් මට කිව්වේ මේස රෙදි කාලෙකින් ලොන්ඩරියට දැම්මේ නැහැ කියලා. ඉතින් මෙම අවදානම තිබුණත් මෙම අත්දැකීම් ලබා ගැනීම වැදගත් වෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.