saravita-anim2

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

Latest News - timelapse 293 hours ago

LATEST

හිටපු ඇමති කෙහෙළියගේ නඩුවක් අවසන්

calendar_today 2025 සැප් 09 - 11:09 remove_red_eye - 2031  

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද (09දා) නියෝග කළේය.

අත්අඩංගුවය රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කර තිබේ.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අද (09දා) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

Read More

තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට වසරක සිර දඬුවම් නියම කිරීමට එරට අධිකරණය විසින් තීන්දු කර තිබේ.

Read More

මේ වසරේ ජනවාරි 01 දා සිට සැප්තැම්බර් 07 දා තෙක් ගතවූ කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 1604018ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය කියයි. සැප්තැම්බර් පළමු සතිය තුළ පමණක් ශ්‍රී ලංකාවට සංචාරකයන් 37 495ක් පැමිණ තිබේ.

Read More

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද(09දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය

Read More

ආදරයට විවාහයට උස්මිටි පහත් කම් මිල මුදල් යාන වාහනය රුව ආදී කරුණු වලට එහා ගිය පසුබිමක් තිබෙන බව ඔප්පු කර පෙන්වන අපූරුයි අඹු සැමි යූවලක් පිළිබඳව තොරතුරක් දඹුල්ල ගල්වැටියාය ප්‍රදේශයෙන් අපට වාර්තා විය.

Read More

මිද්දෙනිය පොලිස් වසමේ තෝරකොළයායේ තේක්ක කැලයේදී පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ ව තෝරකොළයායේම පදිංචිකරුවන් තිදෙනෙකු අවි ආයුධ රැසක් සමග ඊයේ (08) පෙරවරුවේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.ි

Read More

තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කෙරුණු අයෙකුගේ මළ සිරුරක් ඊයේ (8) රෑ ඇල්පිටිය ගනේගොඩ,ගොළුවාමුල්ල,ඉඹුලපිටිය පාලු නිවසක තිබී සොයාගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.

Read More

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගයකට අනුව නඩු විභාගය අවසන් වන තෙක් රඳවා ගැනීමට තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (08) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ දෙවැනි ධූර කාලය ඊයේ (07) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූවායින් පසු ඉදිරි මාස තුනක කාලයේ වැඩ බැලීම සඳහා හිටපු දියවඩන නිලමේ වරයාම පත් කොට තිබේ.

Read More

විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති විභවතාව ඉතා ඉහළින් ඇති දිවයිනේ නැගෙනහිරි ප්‍රදේශවල බලශක්ති සම්ප්‍රේෂණ පද්ධතිය වර්ධනය කර ශක්තිමත් කිරීම තුලින් ජාතික විදුලිබල පද්ධතියේ විශ්වාසනීයත්වය හා ස්ථායිතාව වර්ධනය කිරීම පිණිස නව ග්‍රිඩ් උපපොළක් සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතින් මුල්ගල තැබිණි.

Read More

මහනුවර සිට හැටන් දක්වා (06) දින රාත්‍රියේ අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට පෞද්ගලික බස් රථ දෙකේ ගමන් වාර විමර්ෂණයකට යටත්ව ගමන් වාර (08) දින සිට අත්හිටුවීමට මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති සී. ප්‍රියංකර මහතා පියවර ගෙන ඇත.

Read More

කාසල්රි ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව ප්‍රදේශයට (08) දින පස්වරුවේ අධික වැසි පතිත විය.

Read More

දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට හෙට ප.ව. 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සැප්තැම්බර් 15 සිට 21 දක්වා 2025 පළාත් පාලන සතිය පැවැත්වීමට තීරණය කර ඇතැයිද 2016දී මෙම පළාත් පාලන සතිය අවසන් වරට පවත්වා ඇති අතර නව රජය බලයට පත්වුණු පසු පවත්වන පළමු පළාත් පාලන සතිය මෙය බවද වසර 09කට පසු පවත්වන පළාත් පාලන සතිය පුනරුදයේ පුරවරය යන තේමාව යටතේ පවත්වන බවද පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනෙරත් මහතා සඳහන් කරයි.

Read More

දන්ත වෛද්‍ය උපාධිධාරීන් 86 දෙනෙකු සීමාවාසික පුහුණුවට බඳවා ගැනීමට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී සිදුකෙරිණි.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සැප්තැම්බර් 22 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

Read More

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය හෙට(09දා) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

Read More

ලක්ෂපාපන ප්‍රදේශයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ප්‍රවාහනය කිරිම සදහා එම ප්‍රදේශයේම පිරිසක් එක්ව කරත්ත දෙක්ක නිර්මාණය කර ඇත.

Read More

ජෙරුසලම නගරයේ උතුරු මායිමේ පිහිටි රාමොට්හී බස් නැවතුම්පොළක් අසල සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

රාජ්‍ය ආරක්ෂාව බිඳවැටෙමින්, රටේ සංවර්ධනය අඩාළව පවතින මොහොතක විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් කතා නොකොට නාමල් රාජපක්ෂ මහතා පිළිබඳව පමණක් ආණ්ඩු පක්ෂය අසත්‍ය ප්‍රකාශ කරනුයේ, 2029 දී ස්ථීරව රටේ ජනාධිපතිවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා තහවුරු වන නිසා බවද මන්ත්‍රීවරයා පවස

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ඇප මත නිදහස් කිරීමට මීගමුව මහාධිකරණය නියෝග කර තිබේ.

Read More

මූලික සාකච්ඡා වලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළඹ සිටී.

Read More

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමග කටයුතු කිරීමට කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක් මඟින් ක්‍රියා කිරීමට එක්සත් ජාතික පක්ෂය අදහස් කරන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

’’වාරි මහිම’’ උත්සවයට දෙමාපියන් සහභාගී නොකළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඇටවීරගොල්ලෑව මහා කාශ්‍යප විදුහලේ විදුහල්පතිවරයාට තර්ජනය කර ඇති බැවින් ඒ සඳහා තම සංගමයේ පූර්ණ මැදිහත්වීම සහ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය අද (8) උදෑසන දෙමෝදර අහස් නවය ආරුක්කු පාලම ආසන්නයේ දී අතර මග ඇණහිටීම නිසාවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවට පත්වූහ .

Read More

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 12 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය අද (08දා) ආරම්භ වේ.

Read More

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පරිපූරක ඇස්තමේන්තු දෙකක් සහ යෝජනා සම්මතයක් පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (02) රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සළකා බැලීමෙන් අනතුරුව අදාළ අනුමතිය ලබා දීම සිදුවිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.