වෙනිසියුලා ජනපති නිකලොස් මදුරෝ අත්අඩංගුවට ගැනීම සඳහා ඇමෙරිකානු ආරක්ෂක අංශ කළ මෙහෙයුම තමන් සජීවීව නැරඹූ බවත් එය රූපවාහිනී ජවනිකාවක් මෙන් වූ බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
ඔහු ෆොක්ස් නිව්ස් වෙත පවසන්නේ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ එක් රැයක් තුළදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි.
"වචනාර්ථයෙන් මම රූපවාහිනී වැඩසටහනක් නරඹනවා වගේ. ඔබ වේගය දුටුවා නම්, එය විශ්මයජනක දෙයක්," ට්රම්ප් පවසයි.
ඔහු තම කණ්ඩායම "ඇදහිය නොහැකි කාර්යයක්" කළ බවට ප්රශංසා කරන අතර "මෙවැනි මෙහෙයුමක් කළ හැකි වෙනත් රටක් පෘථිවියේ නෑ" යැයි ඔහු පැවැසීය.