දකුණු ස්විට්සර්ලන්තයේ තානායමක තැබෑරුමක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 40 ක් පමණ මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. තවත් 115 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය "බරපතල"බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ක්‍රාන්ස්-මොන්ටානා හි ලෙ කොන්ස්ටලේෂන් නම් තැබෑරුේම් අලුත් අවුරුදු සැමරුම් අතරතුර ස්විට්සර්ලන්ත වේලාවෙන් අලුයම 01:30 ට පමණ ගින්න ඇතිව තිබේ.
සිද්ධිය විමර්ශනය කරන නිලධාරීන් කිසිදු හේතුවක් තහවුරු කර නොමැති නමුත් ප්‍රහාරයක් හේතුවෙන් මෙම ගින්න ඇති වන්නට ඇති බවට වන හේතුව නිශ්චිතවම ප්‍රතික්ෂේප කර ඇත.
තැබෑරුමේ සංචාරකයන් විශාල ප්‍රමාණයක් සිට ඇති අතර ඉදිරි දිනවලදී මියගිය අය හඳුනා ගැනීම වෙනුවෙන් කටයුතු කරන බවත් මියගිය අයගේ මළ සිරුරු ඉක්මනින් හදුනාගෙන ඥාතින් වෙත භාර දෙන බවත් ප්‍රාදේශීය පොලිස් අණදෙන නිලධාරී ෆ්රෙඩ්රික් ගිස්ලර් පැවසීය.
