පාරිභෝගික නීති කැඩූ ගම්පහ වෙළෙදුන් 1300 කට නඩු
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මගින් 2025 වසර තුල සිදුකල වැටලීම්වලදී පාරිභෝගික නීති කැඩූ වෙළෙදුන් 1300 කට නඩු පවරා රුපියල් තුන් කෝටි හැටපන් දහසක දඩ මුදලක් අයකර ගැනීමට හැකි වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම මහතා සඳහන් කරයි.
මෙම වැටලීම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයට හා එහි ප්‍රධාන කාර්යාලයේ 1977 කෙටි ඇමතුම් අංකයට ලබා දී තිබූ තොරතුරු වලට අනුව සිදු කරන ලදි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගම්පහ දිස්ත්‍රික්කය පුරා සිදුකල වැටලීම්වලදී සහල් සම්බන්ධයෙන් වූ වැටලීම් 405 ක් සිදු කර ඇති අතර ඉන් වැටලීම් 169 ක් වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වූ අතර ඒ සඳහා අධිකරණය මගින් රුපියල් එක් කෝටි අනූහත් ලක්ෂයක දඩයක් නියම කර ඇත.
මීට අමතරව මිල ප්‍රදර්ශනය නොකර සහල් අලෙවි කල වෙළෙදුන් 165 දෙනෙකු සඳහා නීතිමය පියවර ගෙන ඇති අතර, සහල් අලෙවි කිරීම ප්‍රතික්ෂේප කිරීම හා තොග සඟවා තබා ගැනීම සම්බන්ධයෙන් වූ වෙළෙදුන් මෙන්ම , සහල් ඇසුරුම් වල තොරතුරු වෙනස් කර අලෙවි කිරීම සම්බන්ධයෙන් වෙළෙදුන්ට විරුද්ධවද නීතිමය පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මේ අනුව නියමිත මිලට අලෙවි කල හැකිනම් පමනක් සහල් මෝල් හිමියන්ගෙන් සහල් මිලදී ගන්නා ලෙසත් එසේ නොකරන සියලුම වෙලදසැල් වැටලීම් සිදු කර අධිකරණයේ නඩු පවරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ කාර්යාලය පවසයි.
එසේම උත්සව කාලය තුල බෙදාහැරීමට සූදානමි කර තිබූ භාණ්ඩ ගබඩා කල ගබඩා කීපයක් පරික්ෂා කල අතර කල් ඉකුත් වු භාණ්ඩ මෙන්ම තොරතුරු අන්තර්ගත නොවූ භාන්ඩ හිමිකරුවන් 12 දෙනකුට නඩු පැවරීමට කටයුතු කරන ලදි. මේ අතර වියලි මිරිස්, මුං ඇට, ආනයනයික උදු ආදිය අන්තර්ගත වේ.
මීට අමතරව පානීය ජල බෝතල් පාලන මිලට වඩා වැඩි මිලට විකිනීම් සම්බන්ධයෙන් සිදු කල වැටලීම් වලින් රුපියල් ලක්ශ 09ක දඩ මුදලක් අයකරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
පාරිභෝගිකයන් නොමග යවමින් මිනරල් හෝ වෙනත් ද්‍රව්‍ය අන්තර්ගත බව පෙන්වමින් පානීය ජලය වැඩ් මිලට විකීනීම සදහා නිශ්පාදනය කරන සමාගම් සදහාද නඩු පැවරීමට කටයුතු කර ඇත.
දිස්ත්‍රික්කය පුරා සිටින වෙළෙදුන් සඳහා පාරිභෝගික නීති සම්බන්ධයෙන් දැනුවත් කිරීම් කර තිබියදීත් තවදුරටත් අදාල නීති උල්ලංඝනය කරන වෙළෙදුන් සදහා මෙලෙස නඩු පැවරීමට පියවර ගෙන ඇත.
ඉඹුල්ගොඩ - එම්.ඩී.එස්.ගුණතිලක

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

