පාතාලය කවුරුන් ආරම්භ කළත් අවසන් කරන්නේ මේ රජයයි
පාතාලය කවුරු ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන් රජය බවත් වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ සීයයට සීයක්ම පාතාලය අවසන් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 2026 වසරේ බන්ධනාගාර දෙපාර්තමේන්තු මාණ්ඩලික නිලධාරීන්ගේ රැස්වීමට සහ රජය මඟින් බන්ධනාගාර ආයතන සඳහා රුපියල් මිලියන 913.60 ක් වටිනා වෑන් රථ 10 ක් , ට්‍රැක්ටර් 03 ක් සහ රුපියල් මිලියන 104.30 ක් වටිනා ලැප්ටොප් හා පරිගණක සංකේතාත්මකව භාරදීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී එක්වෙමිනි.බස් රථ 40 ක්, ගලි බවුසර් 5 ක් ඉදිරියේදී ලබාදීමට නියමිතව තිබේ.
" මේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ගැටළු වසර තිහ හතලිහක සිට පැවත එන මිස වසර හතරක පහක කාලයක ඇති වු ඒවාවත් ඔබගේ වරදින් වු ඒවාවත් නොවන බව අපි දන්නවා. කාගේ වරදින් වුවත් ඒත් අපි ඒවා විසදීමේ වගකීම අපට තිබෙනවා. බන්ධනාගාර තදබදයට විසදුමක් ලෙස රස පරීක්ෂක වාර්තා මාස තුනක් තුළ ලබාදීමට හැකි වැඩ පිළිවෙළක් අපි සකස් කරනවා .එමෙන්ම ප්‍රජා විශෝධනයට යොමු කිරීම වැඩි කිරීම සදහා ප්‍රජා විශෝදන නව පනතක් ඉදිරියේදී ගෙන එනවා.
දීර්ඝ කාලීන සිරකරුවන් සමාලෝචන ක්‍රියාවලිය යටතේ නිදහස් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතුයි. බන්ධනාගාර නිලධාරීන් වන ඔබට පවතින ගැටළු වත්මන් රජය අවබෝධ කර ගෙන තිබෙනවා. අපි එකක් සිහිපත් කළ යුතුයි, පාතාලයට කවුරුන් අනුග්‍රහදැක්වුවත්, පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ මේ රජයයි. බන්ධනාගාර නිලධාරීන්ට පාතාලයෙන් විවිධ තර්ජන එන බව අපි දන්නවා.
වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ පාතාලය නමැති පිළිකාව සීයයට සීයක්ම අපි අවසන් කරනවා. බන්ධනාගාර නිලධාරීන් වන ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් අපි සෑමවිටම පෙනී සිටිනවා. එබැවින් කැපවී කටයුතු කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

