පුනරුදයට මග වැඩපිළිවෙළ යටතේ ග්‍රාමීය ප්‍ර දේශවල ජීවන තතත්වය උසස් කරමින් ජාතික ගමනාගමන පහසුකම් පුළුල් කිරීම සදහා ග්‍රාමීය මාර්ග 76ක් සංවර්ධනය කිරීම 2026 ජනවාරි 01 දින සිට ආරම්භ කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ප්‍රවාහන හා මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් මිලියන 5000ක මුදල් වෙන් කර ඇත.
මෙම ව්‍යාපෘතිය මගින් ගම්මාන සම්බන්ධතා ශක්තිමත් කිරිම, වෙළඳපොළ හා අත්‍යාවශ්‍ය සේවා වෙත පහසු ප්‍ර වේශය සැලසීම,
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම ආදි අරමුණු ඉටු කිරීම අපේක්ෂා කරයි.
එමෙන්ම මෙතෙක් බස් රථ ධාවනය නොවූ ග්‍රාමීය මාර්ග 40කට 2026 ජනවාරි 01 දා සිට බස් සේවා ආරම්භ කිරීමට කටයුතු
යොදා ඇත.