ලංකා විදුලි බල මණඩලය විසින් ඉදිරි මාස තුනක කාලය සඳහා විදුලි බිල සියයට 11.57කින් ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගීතාකොමිෂමට යෝජනා කර ඇති බව මහජන උපයෝගිතා කොමිෂමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසයි.
"විදුලි බල මණ්ඩලයට දිත්වා එකෙන් ඇතිවුණ අලාභය බිලියන 20ක් කියනවා. 2024 ගත්ත බිලියන 50ක ලාභය ආදේශනය කළාට පස්සේ ලංකා විදුලි බල මණඩලයේ අලාභය බිලියන 7යි. විදුලි ගාස්තු සංශෝධනයේදී ලංවිමට ඇතිවුණ අලාභයෙන් සියයට 60ක් අය කර ගන්න යන්නේ අසරණ භාවයට පත්වුණ ජනතාවගෙන්. මේක වෙන්න ඇති ලංකාවේ තියෙන එකම ආයතනය ස්වාභාවිපක විපතක අලාභය මහ ජනතාවට පටවන.
ඒකක 306090 වගේ පාවිච්චි කරන අයගෙන් අය කරන්නේ පොඩි ඒකක ගාස්තුවක්. ඊළඟ වසර දෙක තුන ඇතුළත මේ ජනතාව පාවිච්චි කරන ඒකක මිලත් සාමාන්‍ය ගාණනට ගන්න කියලා සී.ඊ.බී. එක කියනවා. පූජනීය ස්ථානවලට දි ඇති සහනාධාරයත් සාමාන්‍ය ගාණනට ගේනන කියලා කියනවා"