ගෝලීය කාන්තා සහ පිරිමි රූ සොබා තරගාවලියේ ප්‍රධාන ඉසව් හතරකම ජය ලංකාවට
ඉන්දියාවේ පැවති 2025 "ග්ලෝබල් මෑන් ඇන්ඩ් වුමන් ජාත්‍යන්තර " ( Global Man and Woman International ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තරගකරුවන් සිව් දෙනා එහි පැවති ප්‍රධාන තරග ඉසව් හතරෙහිම , පළමු ස්ථාන දිනා ගනිමින් 01/02 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
එහිදී තරග කළ ප්‍රදීප් ජොන්සන් මිස්ටර් මාස්ටර් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ( Mr: Master Global International ) - 2025 ලෙස ජයග්‍රහණය හිමි කර ගෙන තිබුණි .
එමෙන්ම සත්‍ය ගනේෂ් ඉමේදා මිසිස් ටීන් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ( Miss Teen Global International ) - 2025 ලෙස ජයග්‍රහණය කර තිබුණි .
එසේම මෙම තරගාවලියට සහභාගී වූ මදී එළීලන් මිස්ටර් ටීන් මෑන් ඔෆ් ද එර්ත් ( Mr: Teen Man of the Earth ) - 2025 ලෙස කිරුළ දිනා ගෙන තිබුණි .
මීට අමතරව මිල්රේ මලින් මැතිව් මෑන් ඔෆ් ද එර්ත් ( Man of the Earth ) - 2025 ලෙස ජයග්‍රහණය හිමි කර ගෙන තිබුණි . එසේම මිල්රේ මෙම තරගාවලියේ හොදම පිහිනුම් ඇදුම ( Best in SSwimming Wear ) සහ හොදම ජාතික ඇදුම ( Best in National Costume ) අංශ වලින් ද ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වී තිබුණි .
මෙම ජයග්රහණයන් රැගත් සිව් දෙනා 01/02 දින ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 2276 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
මෙම ජයග්රහණයන් හිමි කර ගත් සිව් දෙනාම වව්නියාව සහ කුරුණෑගල පදිංචි ද්‍රවිඩ ජාතිකයන් වීම විශේෂත්වයකි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
