ගොවින්ට දෙන්න ගෙනා පොහොර ටොන් 14,400ක් ගබඩාවල
පසුගිය 2022/2023 මහ කන්නයේ වි වගාකළ ගොවින්ට ලබාදිමේ අරමුණින් ආනයනය කොට තිබු MOP පොහොර තොගයෙන් පොහොර මෙට්‍රික්ටොන් (බණ්ඩි පොහොර) 14,400ක් ඉකුත් වර්ෂයේ (2025) අප්‍රේල් මස අවසන්වනවිටත් ජාතික පොහොර සමාගමේ ගබඩාවල භාවිතයට නොගෙන ඉතිරිව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
මහවැලි ජලසුරක්ෂිතතා ආයෝජන වැඩසටහන මගින් රුපියල් මිලියන 14,202ක මුදලක් වැයකොට MOP පොහොර මෙට්‍රික්ටොන් 41,876ක් ආනයනය කොට තිබුණි.රටේ ආර්ථික අර්බුදය පැවති කාලවකවානුවේ දි කෘෂිකාර්මික යෙදවුම් සදහා ගොවින් යොමුකරවිමට සහාය දැක්විමේ අරමුණින් සිංගප්පුරුවේ පුද්ගලික සමාගමක් මගින් මෙම පොහොර තොගය ආනයනය කොට තිබුණි.මේ සදහා ආසියානු සංවර්ධන බැංකුව විසින් මහවැලි ජලසුරක්ෂිතතා ආයෝජන වැඩසටහන සදහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දි තිබුණි.
මෙකි පොහොර තොගය ආනයනය කිරිමේ අරමුණ වුයේ 2022/2023 මහ කන්නයේ වි වගාකළ ගොවින්ට ලබාදිම බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. MOP පොහොර නියමිත කාලසිමාව තුල බේදාහැරිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. 2025 වර්ෂයේ යල කන්නය වෙනුවෙන් MOP පොහොර මෙට්‍රික්ටොන් 3000ක් පමණද, තේ වගාවන් සදහා මෙට්‍රික්ටොන් 2000ක් පමණද බෙදා හැරිමට අපේක්ෂා කරණු ලබන බව මෙකි ව්‍යාපෘතියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන්කොට ඇත.
දැනට පවතින MOP පොහොර තොගයේ කල්ඉකුත්විමේ දිනය 2026 වර්ෂයේ ඔක්තෝබර් මස ලෙස තහවුරු වි ඇති බවද මෙකි ව්‍යාපෘතියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

