මාවනැල්ල, කෝන්දෙනිය ග්රාම නිලධාරී වසමේ පිහිටි දනාගම වත්ත ප්රදේශයේදී පුද්ගලයෙකු විසින් ඉඩම් ආරවුලක් හේතුවෙන් තම ඥාතීන් සිව්දෙනෙකුට ඊයේ පස්වරුවේ තියුණු ආයුධයකින් ඇති අතර ඉන් තිදෙනෙකු මිය ගොස් ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි.
තවත් එක් කාන්තාවක් තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර අදාල මෘතදේහ මේ වන විට මාවනැල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මේසේ මිය ගොස් ඇත්තේ වැලිමන්නගේ සෝමාවතී (69),හේනේ ගෙදර සෝමාවතී (65),නිමල් කරුණාතිලක(57) යන අයයි තුවාල ලබා ඇත්තේ වැලිමන්නගේ සෝමාවතී යන අයගේ දියණියක් වන දීපා නිල්මිනි (35) යන අයයි.
සැකකරු (33 හැවරදි) මාවනැල්ල පොලිස් ස්ථාන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ව මාවනැල්ල පොලිස් ස්ථානය මගින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.
වසන්ත රෝහණ