ජෛව විවිධත්වය, පස, ජලය, සංස්කෘතික, ආගමික, ඓතිහාසික හා සෞන්දර්යාත්මක වැටිනාකම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් මතු පරපුරේ යහපත වෙනුවෙන් වනාන්තර සංරක්ෂණය කිරීමට වන සංරක්ෂණ ආඥාපනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.
ලංකාවේ ප්‍රථම වරට බහුජාතික සමාගමක් ඕනෑ කියා රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශයේදී රාජ්‍ය අනුග්‍රහයෙන් ජනතා උද්ඝෝෂණයක් පැවැති අතර මෙහි පිටුපස සිටියේ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක සහ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න බව ඔහු පවසයි.
Read Moreඇමෙරිකාව ඉරානයට සහ තුර්කියට තහංචි පැනවීම නිසා ලංකාවේ තේ මිල රුපියල් විස්සකින් පමණ අඩුවී තිබෙනවා. තුර්කි තහනම එතරම් බලපාන්නෑ. ඉරානයේ තහනම බරපතළ වෙන්න පුළුවන්. ට්‍රම්ප් ඉන්නේ දැඩි ලෙස ඉරානයට ගහන්න. අපි හා ඉරානය අතර හොඳ සම්බන්ධයක් තිබුණත් අමු තේ දලුවලට ගෙවීමේ ප්‍රශ්නය තිබෙනවා. සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවන්නේ. මේ අය ඩොලර් සම්බන්ධව තියෙන ගනුදෙනු ඔක්කොම බ්ලොක් කරනවා. ඩොලර් සම්බන්ධ ගනුදෙනු සියල්ල සිදුවන්නේ නිව්යෝර්ක් නගරය හරහා.
Read Moreකැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව මෙය ක්‍රියාත්මක වෙයි. ඊයේ (21දා) රාත්‍රියේ පත්කර ඇති මෙම කොමිසම සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත වෙයි.
Read Moreවස විසෙන් තොර වී වගා කටයුතු සිදු කළ ගොවීන්ට මෙතෙක් පොහොර සහනාධාර මුදල් ලබාදී නොමැති අතර, දින දෙකක් තුළදී මෙම මුදල් ලබාදීමට කටයුතු නොකළ හොත් දැඩි තීන්දුවක් ගන්නා බව පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
Read Moreඅපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්ණ කිරීම්වලදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කළැයි කියන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලබන 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් මෙම නොතීසි නිකුත් කර ඇත.
Read Moreත්‍රිරෝද රථ රියදුරන් සඳහා වයස අවුරුදු 35ක සීමාවක් පැනවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙරටට ත්‍රිරෝද රථ ආනයනය කිරීම සීමා කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
Read Moreවෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන ගණනාවකට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ බීඩිකොළ මෙට්‍රික් ටොන් 18ක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅශාන් ප්‍රියංජන් පන්දු 52කදී හතරේ පහර 9ක් හා හයේ පහර හයක් සමගින් ලකුණු 108ක් රැස්කිරීමට සමත්විය.
Read Moreමහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහරේ සධාතුක කරඬව වැඩම කරන ලද්දේ නැදුන්ගමුවේ රාජා ඇතා මතිනි. දැලේ ඇතුන් ලෙස ඉන්දි රාජා සමග කතරගම වාසනා ගමන් කරනු ලැබුහ.
Read Moreමෙම පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධිමය කරුණු පිළිබඳ වැරදි වැටහීමකින් හෙයින් ඔවුන් තිදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මුදා හැර ඇත.
Read Moreජනතාවගේ ඉඩම් අයිතිය අහිමි කරන ආර්ථික හා සංවර්ධන සැලසුම් වෙනුවනට ජනතාවගේ සම්පූර්ණ සහභාගීත්වය සහිතව සිදුකරන සැබෑ ජනතා හිතවාදී හා පාරිසරික වශයෙන් තිරසාර ඉඩම් ප්‍රතිපත්තියක් ඉල්ලා ඉඩම් අයිතිව සඳහා ජනතා ව්‍යාපාරය විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
Read Moreවිද්වත් කමිටුවෙන් කැඳවීමක් ලැබෙන්නේ නම් සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීමට තමන් ඕනෑම මොහොතක සූදානම් බව බන්දුල ගුණවර්ධන මහතා කීය.
Read Moreපොලීසිය එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreමේ පළාත් සභා කොටස් වශයෙන් පවත්වන්න මුල් වුණේ රටේ පැවැති යුද වාතාවරණය නිසා ආරක්‍ෂාව සැපයීම පිළිබඳ ගැටලුවක් නිසයි. නමුත් ඊට පසුව එය කිසියම් දේශපාලන උපක්‍රමයක් වුණා.
Read Moreමෙහිදී වෙඩි තැබීමක්ද සිදුව ඇති අතර තුවාල ලැබූ කාන්තාවක් මාතර රෝහලට ඇතුළත් කර ඇත. කොල්ලකරුවන් ලක්ෂ 3කට ආසන්න මුදලක් කොල්ල කා තිබේ.
Read Moreපුල් තරංග පන්දු 67කදී හතරේ පහර 5ක් හා හතරේ පහර 11ක් සමගින් ලකුණු 124ක් රැස්කිරිමට සමත්විය.
Read Moreඉතිහාසය පුරා ශ්‍රී ලංකාව ජපානය සමග සුහදශීලීව කටයුතු කරමින් දුෂ්කර අවස්ථාවලදී ජපානය සමග ඉතා ළඟින් කටයුතු කළ බව ජපාන ආරක්ෂක අමාත්‍ය ඉෂුනොරි ඔනොදෙරා මහතා පැවසීය.
Read Moreරසායනික ද්‍රව්‍ය යොදා ඉදවීමකට ලක්කර තිබෙන පලතුරු මැනිං වෙළෙඳ පොළට භාර නොගන්නා බව මැනිං වෙළෙඳ පොළ පොදු වෙළෙඳ සමිතිය සඳහන් කරයි.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධයට එක්වූ සිසුන් පළවා හැරීමට පොලීසිය තවදුරටත් ජල ප්‍රහාර එල්ල කරමින් සිටියි.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreහිට්ලර් කෙනෙක් වෙන්නට යැයි කවුරුන් හෝ මට පැවසුවා නම් එම ප්‍රකාශය නිවැරදි නොවන මම ඒ මොහොතේම පවසනවා.
Read Moreමහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරෙක් වන චන්ද්‍රා රාජපක්ෂ මහතා අද (21දා) අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreමෙම කිහිපදෙනා ගැන පක්ෂයක් වශයෙන් තීන්දුවක් ගැනීමට කාලය එළැඹ තිබෙන බවද අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
Read Moreකාන්තාවන් හැටියට දිගින් දිගටම මේ මත්ද්‍රව්‍ය කටයුතු සඳහා සම්බන්ධ වෙනවා නම් ඇප දීමෙන් වැඩක් නැහැ කියලා කවුරුහරි හිතලා ඇති.
Read Moreකොටුව පොලීසිය විසින් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ ඊයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමගින් එහි ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.
Read Moreජපානය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබද අවධානය යොමුව තිබේ.
Read More