පාර්ලිමේන්තුවේ 225ම කූඩුවකට දැමිය යුතුයි
පාර්ලිමේන්තුවේ සිද්ධවෙන දේවල් අනුව බලනවිට කථානායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාමකූඩුවට දැමිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා අද (21දා) පැවසීය.
අයුතු ජන රාශිය යන චෝදනාව යටතේ ඒ ආකාරයට මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබෙන බවත්,පාර්ලිමේන්තුව කටයුතු කළ යුත්තේ ස්ථාවර නියෝග අනුව බවත් ඒ මහතා කීය.
විධායකය,ව්‍යවස්ථාදායකය හා අධිකරණය ලබාදෙන තීන්දුවල නොගැළපීම නිසා ජනතාව ප්‍රශ්නවලට මුහුණදී සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම ගැටලු සඳහා දේශපාලන විසඳුමක් ලබාගැනීමට මහමැතිවරණයක් පැවැත්විය යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

popular news
-
dayan Wednesday, 21 November 2018 08:30 PM
මෙයත් පිස්සෙක්
Reply : 0 46
rocky Thursday, 22 November 2018 07:09 AM
මහත්තයෝ, රටේ ආණ්ඩුවක් නැතුව, මැතිවරණයක් පවත්වන්නේ කවුරු යටතේද? මේ ඇති ගරු ජනාධිපති තුමාගේ ක්‍රියාකලාපය රටේ කැරැල්ලකට හේතු වෙන්න පවා ඉඩ තිබෙනවා වගේ. පළමුවෙන්ම කල යුත්තේ මොන විදිහකින් හෝ ඔහු එලවා දැමීමයි!
Reply : 4 164
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

