රට බේරා ගැනීමට සංඝ ආඥාවක් ඕන - වනවාසි රාහුල හිමි
මේ වන විට මේ රට පත්ව තිබෙන අරාජික තත්වයට ජනාධිපතිවරයා, නව අගමැතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා ,කැබිනට් අමාත්‍යවරුන් ඇතුලු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාම වගකිව යුතු බවත් එම නිසා මේ තත්ත්වයෙන් රට බේරා ගැනීමට සංඝ ආඥාවක් පනවා රාජ්‍ය පාලකයින් මෙල්ල කර රට නිවැරදි මාවතකට ගෙනයාමට ක්‍රියා කරන ලෙසට ත්‍රෛයිනිකායික මහානාහිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින බව ගල්කිරියාගම නාමල් උයන නිර්මාතෘ පුජ්‍ය වනවාසී රාහුල හිමියෝ පැවසූහ.
ඊයේ පෙරවරුවේ අනුරාධපුරයෙදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.
වර්තමානයේ මේ රටට අත්ව තිබෙන ඉරණම ඉතාම කණගාටුදායකයි. විශේෂයෙන් රාජ්‍ය පාලකයෝ තමන්ව බලයට ගෙන එමාට කටයුතු කළ ජන්දදායකයෝ ගැන අනිවාර්යයෙන්ම සිතිය යුතුයි. පළමුවෙන්ම මම කාටවත් කඩේ නොයන බව සහ කිසිවෙකුටත් පක්ෂක්ග්රාහි නොවන බව කීමට අවශ්‍යයි. ඒ වගේම රටේ වර්තමානයේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය ගැන කතා නොකර නිහඬව සිටියොත් බෞද්ධ භික්ෂුවක් සහ පුරවැසියෙක් ලෙසට මගෙන් රටට ඉටු විය යුතු යුතුකමක් සහ වගකීමක් පැහැර හැරියා විය හැකියි. මෙවැනි තත්ත්වයක් රටේ නිර්මාණය කළ වර්තමාන පාලකයින් ඊට වගකිව යුතුයි. ගමේ රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පසුගිය දිනවල විවිධ පැතිවලට පක්ෂව විවිධ කතා ප්‍රකාශ කළා.
රටේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳීමට නම් මේ රටේ ත්‍රෛයි නිකායික මහා නාහිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය සහ අන්‍යආගමික නායකයින් සියලු දෙනා එක මේසයකට පැමිණ එක අදහසකට සහ එක අරමුණකට පැමිණෙන ලෙසට මා ඉල්ලා සිටිනවා. එසේ නොමැතිව කිසිදාක මේ අර්බුදය විසඳීමට හැකියාවක් නෑ. ගමේ උද්ගතව ඇති අර්බුදය විසඳීම සඳහා මැදිහත්ව කටයුතු කිරීමට ආගමික නායකයින්ට වගකීමක් තිබෙනවා.
පසුගිය දිනවල පැවති පාර්ලිමේන්තු රැස්වීම් වලදී ඇතැම් මන්ත්‍රීවරුන් හැසිරුණු ආකාරය දෙස බැලුවාම ඔවුන්ව පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවීමට ජන්දය ලබා දුන් මිනිස්සුන්ට තමයි ගහන්න අවශ්‍ය .ගමේ රටේ පැවති කිසිම රජයකට ජාතික ප්‍රතිපත්තියක් නෑ. ඒ නිසා ජාතික ප්‍රතිපත්තියක් නොමැති රජයන්ට කිසි දවසක පැවැත්මක් නෑ. ලෝකයේ අනෙකුත් රටවල් ජාතික ප්‍රතිපත්තියක් අනුවයි කටයුතු කරන්නෙ. ඒ දෙස දෑස් යොමා බලන්න කියා මා මේ රටේ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් උන්වහන්සේ පැවසුහ.
අනුරාධපුර -චතුරංග

popular news
-
Kumar Wednesday, 21 November 2018 10:32 PM
අනේ ස්වාමින්වහන්ස ජනාධිපතිතුමා කල අවුල ඔබවහන්සේට ලිහන්න බෑ. මම මුසාවක් කියනවනොව ශක්‍ර දෙවින්ගෙන් ඇහුවවත් ඔය ටිකම තමා කියන්නෙ.
Reply : 24 15
rocky Thursday, 22 November 2018 07:04 AM
රටේ මේ අර්බුදය ඇති කරන ලද්දේ ජනතාවට ද්‍රෝහී වෙමින් ව්‍යවස්ථා විරෝදී ලෙස කටයුතු කොට, පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබුන මහින්දව පස්සා දොරෙන් අගමැති තන තුරට පත් කල අති ගරු ජනාධිපති විසිනි. දැන් අපේ රට, අති ගරු ජනාධිපති උන්නැහේට මී හරකෙකු මෙන් සැප සේ බැස ගෙන ජඹී ගසන්නට සුදුසු අසිරිමත් මඩ වලක් බවට පත්වී ඇත.
Reply : 25 21
Champa Thursday, 22 November 2018 08:42 AM
වැඩක් නෑ හාමුදුරුවනේ. මහා සංඝරත්නයත් බෙදිලා කොට රට ගැන මොන කතාද? දැන් තියෙන්නේ එකින් එක පිළිල ටික අයින් කරන එක. ඉස්සෙල්ලම ජනාධිපති පිළිලය අයින් කරන්න ඕනේ. එතකොට 90%ක් ප්‍රශ්න ඉවරයි. රාජ්‍ය පාලනය ගැන දැනීම බින්දුවයි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ජනාධිපති වුනේ යටින් game ගහල, කැපිලි කෙටිලි සහ පිටිපස්සෙන් කරපු පිහි ඇනිලි නිසා රට පාලනය කරන්නෙත් ඒ විදිහට. වෙන විදහක් දන්නේ නැහැ. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් පිළිල ටික මහා මැතිවරණයකින් අයින් කරන්න ඕනේ. රටේ උන්නතියක් දකින්න පුළුවන් එතකොට. අනිවාර්යයෙන්ම මිනිස්සු තනි තනිව හිතල මේ පාර්ලිමේන්තුව වගේ පාර්ලිමේන්තුවක් නැවත ඇති නොවෙන්න චන්දෙකදී ක්‍රියා කරන්න ඕනේ. යූඑන්පී එක අවුරුදු 4ක් කරපු දේවල් වලට ජනාධිපතිත් එක වගේම වග කියන්න ඕනේ. කථානායකවරයාට වතුර ගහපු පොත් වලින් ගහපු මිනිස්සු පහුගිය කාලේ පනත් pass කරන කොට නිශ්ශබ්දව හිටිය. රනිල් මාගම්පුර වරාය විකුණන පනත ගේන කොට රනිල්ටත් මිරිස් වතුර ගහල ඒක නවත්තන්න තිබ්බනේ. තනිකර කරන්නේ බොරුව. හැබැයි කවදාවත් කලකිරෙන්න හොඳ නැහැ. අපි කලකිරිලා දාල ගියොත් මේ රට එවුන්ට ගියපු රට වෙනවා. වෙනසක් කරන්න නම් කාගෙන ඉන්න ඕනේ.
Reply : 0 21
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

