රටේ බහුතරයත් අපිටයි - රනිල්
පාර්ලිමේන්තුවේ මෙන්ම රටේ බහුතරය තමා ඇතුළු පුළුල් පෙරමුණට තිබෙන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (21දා) පැවසීය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විට බහුතරයක් ඇත්නම් ඊට විරුද්ධව එය පරාජය කරන ලෙසත්, එසේ නොකොට පාර්ලිමේන්තුව කඩා කප්පල් කිරීමට කටයුතු කරන්නේ නම් එයින් පෙනී යන්නේ රාජපක්ෂවාදීන්ට බහුතරයක් නොමැති බව යැයි රනිල් වික්‍රමසිංහ මහතා ඒ නිසා ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවද සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමග පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.
“පළමුව පවත්වන්නේ පාර්ලිමේන්තු මැතිවරණද, ජනාධිපතිවරණයද, එය පවත්වන්නේ කවදාද? එය කරන්නේ කෙසේද ආදී විවිධ ප්‍රශ්ණ නැගෙනවා. නීති විරෝධි ක්‍රමයකට ඊළඟ මැතිවරණය පවත්වා අපි ජයග්‍රහණය කර නීති සම්පාදනය කරන අවස්ථාවේදී ඇතැම් පුද්ගලයෙකුට මේ පාර්ලිමේන්තුවට බලයක් නැතැයි තර්කයක් ගොඩ නැගිය හැකියි.
එවිට අප කළ යුත්තේ කුමක්ද? ජනමත විචාරණයක් පවත්වා ව්‍යවස්ථාවක් හදන්නද? නිත්‍යානුකූල රජයක් ස්ථාපිත කොට පාර්ලිමේන්තු ක්‍රමයට අනුව නිසි පරිදි මැතිවරණ පවත්වන ලෙස අප පවසන්නේ මේ හේතුව නිසයි.
වත්මන් පාර්ලිමේන්තුවට 2020 අගෝස්තු දක්වා කාලය තිබෙන බව මගේ අදහසයි. ඊට පෙර මැතිවරණ අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ එකට එක්වී තීරණය ගනිමු. නමුත් ඊට කලින් ව්‍යවස්ථාව හා නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතුයි.
එම නිසා දැන් මැතිවරණ ගැන කතා කිරීමෙන් පළක් නැහැ. මෙතැන කථා කළ යුත්තේ ව්‍යවස්ථාව ගැනයි. මැතිවරණය ගැන බලාපොරොත්තු වන අය ඒ අයට වාසි වන අන්දමේ කථා කියනවා. ඡන්දෙකට යන්න ඒ අය බලාපොරොත්තු වන බව කියනවා. එසේ ප්‍රකාශ කරන්නේ වෙනත් කියන්නට දෙයක් නැති නිසයි.
රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව තිබෙනවා. බොහෝ කරුණු කල්පනා කර ඒ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. ඒ යෝජනාව සම්මත වුවහොත් අගමැතිවරයාට මුදල් ලැබෙන්නේ නැහැ. බහුතරයක් තිබේ නම් එම යෝජනාව පරාජය කරන්න. බහුතරයක් නොමැති නම් බාධා කරන්න උත්සාහ කරාවි. බාධා කරන්නේ බහුතරයක් නොමැති නිසා බව එවිට රට දැන ගන්නවා.
මෙම යෝජනාව ඉදිරිපත් කළේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි. ඒ යෝජනාවට මුහුණ දෙන්නේ කෙසේදැයි දැන් අප බලමු. අපට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙනවා. එමෙන්ම රටේත් බහුතරයක් තිබෙනවා. එම නිසා ඕනෑම අභියෝගයට සූදානම් බව මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.
ඉදිරි කෙටි කාලය තුල අප හරියාකාරව ක්‍රියාකර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහිකර ඉදිරියට යමු. මෙය එක්සත් ජාතික පාක්ෂිකයන්ට බලපාන ප්‍රශ්නයක් නොවෙයි. සමස්ත රටේම ප්‍රශ්නයක් බව කිව යුතුයි. එම නිසා සියළුම දෙනා එකතු කරගෙන ඉදිරියට යා යුතුව තිබෙනවා. කිසිවකුත් තරහ කර ගැනීමට අපට අවශ්‍ය නැහැ.”

popular news
-
Champa Wednesday, 21 November 2018 06:20 PM
ඒක නම් බොරුවක්. රටේ බහුතරයක් නැහැ. Queue jumping නැතුව නීත්‍යනුකූල විදිහට නියමිත වෙලාවට චන්ද තියන්න ඕනේ. එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ. ඒ අනුව ඉස්සල්ලම එන්න ඕනේ ජනාධිපතිවරණයක්. ඊට පස්සේ රට ස්ථාවර වුනාට පස්සේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතුයි. හදිස්සියේ කඩදාසි පුච්චනවා වගේ රට ව්‍යාකූල වෙලා තියෙන වෙලාවක තියන මැතිවරණයකින් රටේ නියම කැමැත්ත නිරූපණය වෙන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් හුඟක් මිනිස්සුන්ට එපා වෙලා චන්ද පොලට නෑවිත් ඉන්න ඉඩ තියෙන නිසා. ඒක ඉතාම අසාධාරණයි සහ ජනතාවගේ චන්ද අයිතිය මංකොල්ල කෑමක්.
Reply : 0 0
chathuri Wednesday, 21 November 2018 10:15 PM
මහින්දව. පරාජය. කරලා. ජනතාව. ඔබට. රට දුන්නා වගේ. නැවතත් ජනතාව රට බාරදෙයි. ඒ. වුනාම. සිරිසෙනව එලවන්න. ඕන , මහින්දගේ. දුෂණ. නඩු. සියල්ලම පරිකශ්නයට. ගන්න ඕන. සිරිලියත්. සමග. හැම. ගැහැණියම කාන්තාවක්. මෙයා විතරක් නෙමේ. , හොරකම්. දුෂණකරලා මහින්දගේ බිරිද. කියල. නඩු අයින් කරන්න. බැහැ ,වියවස්තවේ. එහෙම දේවල්. නැහැ. කරුනාකළ. මේ. සැරේ. ජනතාවගේ පොරොන්දු. ඉටු කරන්න , යාලුවෝ දාලා යනවා කරදයේදී නමුත්. අසරණ. මිනිසුන් ඔබ. සමගයි. , අවුරුදු 100 ජිවත් වෙන්නේ. නැහැ මේටික. කාලේදී. මිනිසුන්ට. සතුටින්. කළා බීලා ඉන්න. පරිසරය. හදල. දෙන්න සේරම. බදු. අඩු කරන්න , මහින්දගේ පවුලේ. උන්. හොරා කාවනම් අත් අඩංගුවට. අරන්. දේපල. මුදල් රාජසන්තක. කරන්න , ජනතාවගේ බදු වැඩිකරන්නේ. හොරා කපුවා. පිය. වන්න. එහෙම කරන්න බැහැ මේ විදියට. වැඩ කෙරුවොත්. මේ පක්ෂය. නැවත. පෙරලන්න. බැහැ මහින්දව ඇතුළු. සැම අත් අඩංගුවට ගන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

