මෛත්‍රී-මහින්ද ආණ්ඩු දෙකම මට සැලකුවේ නෑ - පියසේන ගමගේ
අවසාන මෙහොතේ කැබිනට් මණ්ඩලය නම් කිරීමේ දී හෝ ගාල්ල ජනතාව වෙනුවෙන් මා හට කැබිනට් ඇමතිධුරයක් ලබා දුන්නේ නම් මේ අවස්ථාවේ විපක්ෂයට යාමට ගත් තීන්දුව නොගනඉදීමට තිබුණු බව ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසයි.
ඊයේ දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය,
පසුගිය වසර 49 ක කාලයක් පුරා මම ශ්‍රීලනිපයට සේවය කරා. වසර 30 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් සේවය කරා. ගාල්ලේ ජනතාව දන්නවා මම ගැන. මහින්ද මෛත්‍රී ආණ්ඩු දෙකම මට සැලකුවේ නෑ. මහින්ද ආණ්ඩුව මාව ජ්‍යෙෂ්ට අමාත්‍යවරයෙක් කලා. මෛත්‍රී ආණ්ඩුව මට දුන්නෙත් රාජ්‍ය ආමාත්යධුරයක්. දින 100 ආණ්ඩුවට එකතු වුන නිසා තමයි 2015 මැතිවරණයේ දී මට ඡන්ද අඩුවුනේ. ඒ අවස්ථාවේ දී චන්දිමට කැබිනට් ඇමතිකමක් දුන්නා. කමක් නෑ. මම ඒ වෙලාවේ හිටියේ නෑනේ. නමුත් එතුමා ඒ ඇමතිකම දාලා ගියපු වෙලාවේ මට කැබිනට් ඇමතිකමක් දෙන්න තිබුණා. නමුත් දුන්නේ නෑ. එදා දින 100 අණ්ඩුවට එකතු වීම නිසා පරාජය වු මට ජාතික ලයිස්තු මන්ත්‍රීදුරයක් වත් දුනේ නෑ. මම පස්සේ නීතිය අනුව සිදුවුන හිඩස නිසා පාර්ලිමේන්තු ආවා. මේ හැම කෙනෙහිලි කමක්ම මම ඉවසාගෙන හිටියා. මම මේ තීරණය ගත්තේ ඉදිරියේ දේශපාලනය නොකරත් කමක් නෑ කියලා හිතාගෙන. මේ තීරණය ගන්න අවස්ථාවේ මම ඇත්තටම හිටියේ පීඩනයකින්. ඉතින් ඒ පීඩනයට මේ පාර්ලිමේන්තුව ඇතුලේ සිදුවුන දේවලුත් එකතු වුනාම මාව මේ තීරණයට පෙළඹුනා. මේ ගොල්ලෝ ගාව හිටියා කියලා ගාල්ලේ ජනතාවට සේවයක් කරන්න මට ලැබෙන්නේ නෑ. ඒ නිසා මට තීරණයක් ගන්න වුනා. ශ්රීලනිපය වෙනම ඉල්ලපු පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී කොට්ඨාසයක් හෝ දිනුවේ මගේ නායකත්වයෙන් මගේ ආසනයේ විතරයි. ගාල්ලේ ශ්‍රීලනිපයේ අය පෙහොට්ටුවට යනකොට මම තමයි ඉන්න මන්ත්‍රීවරු ටික රැකගෙන පක්ෂය රැගන්න කටයුතු කරේ. ඒ වුනාට ඒ වෙනුවෙන් මට ගාල්ලේ ජනතාවට සැලකිල්ලක් ලැබුනේ නෑ.
ජිනේෂ් නානායක්කාර

popular news
-
මුණසිංහ Thursday, 22 November 2018 07:18 AM
ගාල්ලේ ජනතාව බලාගෙන ඉන්නේ තමුන් ජන්දෙ ඉල්ලන්න එනකන්. ගිය සැරේ පරාද වුනා මතකද? මේ සැරේ පුලුවන්නම් මනාප 2000 ක් අරගෙන පෙන්නන්න. දැන් ඔයාට දේශපාලනයෙන් විශ්‍රාම ගන්න කාලේ හරි. මොන පක්ෂෙන් ඉල්ලුවත් පක්ෂෙට පාඩුයි. ඔය සොයාගත්තු ටික හොදටම ඇති.
Reply : 0 45
sg Thursday, 22 November 2018 09:14 AM
meya dan gedara yaviyayuthu kalaya hari..
Reply : 0 2
ගාලු ජනහඬ Thursday, 22 November 2018 11:33 AM
ඔබ දේශපාලනයෙන් විශ්‍රාම ගැන්වීමට ගාලු ජනතාව සූදානමින්......
Reply : 0 95
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

