ජන්ද දායකයින්ට ප්රශ්නය විසදන්න ඉඩ දෙන්න - කෙහෙළිය
පාර්ලිමේන්තු මහ මැතිවරණය වහා පවත්වන්නැයි ඉල්ලා පූජාපිටිය නගරයේදී අද විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පූජාපිටිය සංවිධානය, සංවිධානය කර තිබූ මෙම විරෝධතා උද්ඝෝෂණයට ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹක්වැල්ල, හිටපු පළාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, විරසිංහ අලුත්ගමගේ , පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර ප්‍රනාන්දු, යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් මෙන්ම පක්ෂ ක්රීයාකාරීන්ද විශාල පිරිසක් සහභාගී වූහ.
පූජාපිටිය නගරයේ පෙළපාලියකින් පැමිණි විරෝධතාකරුවන් පූජාපිටිය ප්‍රාදේශිය සභාව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ අතර කතානායක කරූ ජයසුරිය මහතාගේ යැයි කිව් පිළිරුවකටද ගිනි තබා සිය විරෝධය දැක්වූහ.
මෙහිදී අදහස් දැක්වු කෙහෙළිය රඔුක්වැල්ල මහතා,
පසුගිය 26 වනදා සහ ඉන් පසුව ජනාධිපතිතුමා ගත් සියලු ක්‍රියාමාර්ග ව්‍යවස්ථානූකූලව ගත් බව අපි පැහැදිලිවම කියනවා. පාර්ලිමේන්තුවේ ඇති වූ තත්වය පිළිබඳව බොහොම පැහැදිලිවම කියන්න ඕන.කතානායකවරයාට ගරු කියල කියන්න බැරි තත්වයට පාර්ලිමේන්තුව පත් කළා. මේ රටේ සමාජය දකින්නේ පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුල සිදු වන ක්‍රියාවලිය. ඒ දිහා බලල තමයි එදා සිදු වුන හැසිරීම් රටාව විවේචනය කරන්නේ. නමුත් පාර්ලිමෙන්තු සම්ප්රදායක් තියෙනවා. තමුන්නාන්සේලා දන්නවා 1948 ඉඳල මෙතෙක් ගෙනාව විශ්වාසභංග ගෙනාවේ කොයි විදිහටද කියලා .පාර්ලිමේන්තුවේ වැඩ පිළිවෙළක් තියෙනවා. ක්‍රියා පටිපාටියක් තියෙනවා ඒ සියල්ල පැත්තකට දාලා වැඩ කිරිම නිසයි මේ තත්වය ඇති වුණේ. පක්ෂ නායක රැස්වමේ ගත් තීරණ සියල්ල පසෙකලා සුමන්දිරන්ලාට දෙමළ සංවිධනයට ඕන විදිහට කටයුතු කරන්න ඉදිරපත් වුණා. එහි ප්‍රතිපලයක් හැටියටයි රට අද මේ තත්වයට පත්වෙලා තියෙන්නෙ. අවුරුදු හතරකට ආසසන්න කාලයක් මේ අය ආණ්ඩු කළා ජාතික සම්පත් විකුණන් කන තැනකට පත් වුණා. 19 වන සංශෝධනයෙන් වංක ලෙස සඟවා ඇති ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ලබා ගන්නයි අපි උල්සාහ කරන්නේ.
අපි කියන්නේ පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි 225 පැත්තක තියලා රටේ ඉන්න මිලියන 15කට අධික ඡන්ද දායකයින්ට මේ ප්රශ්නය විසඳන්න අවස්ථාව ලබා දෙන්න .අපේ ඉල්ලීම සාධාරණද නැද්ද කියලා සමාජයේ හොඳට හැරිල බලන්න යනුවෙන් ඔහු පැවසීය.


popular news
-
Champa Wednesday, 21 November 2018 06:12 PM
චන්දදායකයෝ ඉස්සරහට යන්න ඉස්සෙල්ල ඉස්සෙල්ල ගෞරවනීය විදිහට ප්‍රශ්නේ පාර්ලිමේන්තුව ඇතුලෙදි විසඳගන්න ඕනේ. එහෙම නැත්නම් මේ රටට ව්‍යවස්ථාවක් වැඩක් නැති වෙනවා. ජනාධිපතිගේ ක්‍රියාකලාපය අන්තවාදී සහ ඒකාධිපතිතත්වය නිරූපණය කරනවා. අද රටේ ආණ්ඩුවක් තියෙනවද දෙකක් තියෙනවද අගමැති කවුද එක්කෙනක්ද දෙන්නෙක්ද කියල කවුරුවත් දන්නේ නැහැ. අනිත් අතට තමන් එක්ක deal එකක් දාගන්න කියලා රට පුරා කථානායකට බලපෑම් කරනවා අපහස කර කර. එහෙම තියෙත්දී මේ වගේ ඉතාම ව්‍යාකූල තත්වෙක රට තියෙද්දී පාර්ලිමේන්තු මැතිවරණයකට යන එක කොහෙත්ම සුදුසු නැහැ. ඒ මොකොද කිව්වා නම් මහජන මතය හරියට නිරූපණය වෙන්න නැති හින්ද. පාර්ලිමේන්තු මැතිවරණෙ කලින් තියන්න ඕනේ කම පෞද්ගලික හේතු මත. 2/3 ඉල්ලන්නේ මෛත්‍රීගෙන් පස්සේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න. දැන් බාගෙට බලය ලැබිල හැසිරෙන විදිහ දැක්කම පේන්නේ කවුරු එපා කිව්වත් 2/3 ලැබුනොත් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බව. ඒ හින්ද හදිසියේ වත් චන්දයක් තිබ්බොත් මේ වෙලාවේ මහින්දට වුනත්, මහින්දට වුනත් 2/3 දෙන එක සුදුසු නැහැ. අත්තනෝමතික විදිහට ක්‍රියා කරන්න ඕනේ හැටියේ ඉඩ තියෙන හින්ද. මහින්ද, මෛත්‍රීගේ දැලේ පැටලිලා ඉන්නේ.
Reply : 0 0
rocky Wednesday, 21 November 2018 07:14 PM
ඔහෙලට ඕන ඕන වෙලාවට චන්ද අපට ඕන නැහැ. හොර ආණ්ඩුවක අව්ස්යතාවක් අපට ඇත්තෙත් නැහැ.. නම්බු පිටින් යන්න. ශේප් වෙන්න.දිරමාර් වෙන්න . දෙයියන්ගේ පිහිටෙන් . භංග වෙන්න!!
Reply : 0 0
Saththaya Wednesday, 21 November 2018 07:25 PM
ඔව් ආයේ මාන බලන්නේ චන්ද මන්කොල්ලකයකට කියල බුද්දිමතුන් හැමෝම දන්නවා . ඉස්සෙල්ල නීතියානු ආණ්ඩුවට කරගන්න කියල බලහත්කාරයෙන් පත්වූ පිරිස් අයින් වුනානම් හොදය් , අසරණ මහජනතාව අමාරුවේ දාන්නේ නැතුව . නඩුවලට සිංහයෝ වගේ මුහුණ දෙන්නකෝ වැරදි කලේ නැතිනම් . තවත් ඒ වෙනුවෙන් ජනතාව බිල්ලට දෙන්නේ නැතුව .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

