අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සාකච්ඡාවකට එක්වීම සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අරලිය ගහ මන්දිරයට පැමිණ තිබේ.
උපවාසයක නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට සහයෝගය පළ කිරීම සදහා මීගමුව නගරයෙන් ගමන් ආරමභ කෙරෙන සියලූම පෞද්ගලික බස් සේවකයින් හා නගරයේ ත්‍රිරෝද රථ ධාවනය කරන පිරිස් අද (3දා) උදේ 7.00 සිට මීගමුව ප‍්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරතවිය.
Read Moreදින හතරක කාලයක් උපවාසයෙහි නිරත වන පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවුවත් ජූනි 06 වන දින පමණ වන විට ආහාර නොමැතිකම හේතුවෙන් උන්වහන්සේගේ ශරීර ශක්තිය පිරිහී විජලනය හා යම් යම් දුබලතාවන්ට පත්විය හැකි යැයි රතන හිමියන් වෛද්‍ය පරික්ෂණයට භාජනය කල වෛද්‍යවරුන් පැවසූහ.
Read Moreප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 9 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreමෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනපතිවරයා හා සාකච්ඡාකර ඇති බව වාර්තා වෙයි.
Read Moreවෛද්‍ය සාෆි සියාබ්දීන් මහතා සිසේරියන් සැත්කම් කිරීමෙන් අනතුරුව මව්වරුන්ට නැවත පිළිසිඳ ගැනීමක් සිදු නොවූ බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ සෞඛ්‍ය අමාත්‍යාංශ කමිටුවේ අතුරු වාර්තාව අද භාරදීමට නියමිතව තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (03දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreඋපවාසයක නිරත අතුරුලියේ රතන හිමියන්ට සහාය පළකරමින් මහනුවර නගරයේ වෙළඳ සැල් අද පෙරවරුවේ වසා දැමීමට ව්‍යාපාරිකයන් තීරණය කර තිබේ
Read Moreබස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි වාර්තා වේ.
Read Moreඉල්ලීම් හතරක් මුල් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසය සිවුවැනි දිනයට අදත් ක්‍රියාත්මක වෙමින් පවතී.
Read Moreබදුල්ල මහ රෝහලේදී මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු විසින් සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු නැවතත් තමන්ට දරුඵල නැතැයි පවසමින් මවුවරුන් දෙදෙනෙකු පසුගිය සිකුරාදා (31) බදුල්ල මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර තිබේ.
Read Moreසහල් මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා දේශීය සහල් වර්ග තුනකට පාලන මිලක් නියම කර තිබේ.
Read Moreත්‍රිකුණාමලය වරාය ඉඩම තුළ යකඩ කර්මාන්ත ශාලාවක් ඉදිනොකරන බවත්, ඒ සඳහා විකල්ප ඉඩමක් ගැන සොයාබලන ලෙස වරාය අධිකාරිය සඳහන් කරන බවත් වරාය හා නාවික කටයුතු, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙනුවෙන් ලබාගන්නා ආසන 51 සුඛෝපභොගී බස් රථ ඉදිරියේදී ශ්‍රී ලංකාවට නැව්ගත කිරිමට නියමිත බව King Long ශ්‍රී ලංකා සමාගම සඳහන් කරයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ජනතාව අසරණව සිටියදී ආණ්ඩුව කොළඹ නැගෙනහිර ජැටිය ඉන්දියාවට හා ජපානයට විකුණා දමා තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreදැනට අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය වරයා දඹුල්ල රෝහලේ සේවය කරන කල්හි සිසේරියන් සැත්කම් සිදුකළ එහෙත් මේ වන තුරුත් ළමයෙකු පිළිසිඳ ගැනීම නොමැති වූ කාන්තාවන් 65 දෙනකු අද (02දා) ට දඹුල්ල පොලිසියට සහ දඹුල්ල මූලික රෝහලට පැමිණ පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
Read Moreරෝග වැළැක්වීම සහ නිවාරණයට අදාළ වැඩසටහන් වඩා පුළුල් හා ප‍්‍රවර්ධනය විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreවැල්ලවත්තේ සිට ගල්කිස්ස කිලෝමීටරයක් දුරට වෙරළ තීරය භාවිත කිරීම සීමා කරන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ නොයෙකුත් ආකාරයෙන් ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හොරොව්පතාන පොලීසියට ලද බුද්ධි තොරතුරකට අනුව විමර්ශන සිදුකර සැකකරුවෙකු ඊයේ (01දා) දෙහිවල පොලිස් වසමේදි අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපොලිස්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු යැවූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා එල්ල කර තිබේ.
Read Moreඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතනහිමියන් බැහැ දැකීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද මහනුවර දළඳා මාළිකගාව ඉදිරිපිටට වැඩම කළහ.
Read Moreරාජ්‍ය සේවක ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, අපදා කළමනාකරණ අමාත්‍යාංශය නිකුත් කළ චක්‍ර ලේඛය අහෝසි කළ බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
Read Moreපළමු තරගයෙන් ශ්‍රි ලංකා කණ්ඩායම පරජයට පත්වුවත් ඉදිරි තරගවදීලදී ප්‍රෙක්ෂකයන්ගේ සහාය බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සඳහන් කරයි.
Read Moreඅත්අඩංගුවට පත් සැකකරු මොහොමඩ් නිසාර් ඉම්රාන් නොහොත් ජෝන් වෝල්ක් යන නමින් හැඳින්වෙයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ශ්‍රී දළදා මාලිගව ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසය තෙවැනි දිනට අදත් ක්‍රියාත්මක කරමින් සිටිති.
Read Moreපලාලි කඳවුරට අයත් වාසවිලාන් ප්‍රදේශයේ නිසැක නොකරන ලද ඉඩමක තිබූ පැරණි පුපුරණ උපකරණයක් (Explosive Device) අනපේක්‍ෂිත ලෙස පිපිරීම හේතුවෙන් ඊයේ (01දා) දින සවස 3.30 ට පමණ සෙබලෙකු ජීවිතක්‍ෂයට පත්ව තවත් සෙබළුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව හමුදාව නිවේදනය කරයි.
Read Moreඋපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී රට තුළ ක්‍රියාත්මක කරන බවත් එය රටේ ආරක්ෂාවට විශාල වශයෙන් හේතු සාධක වන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
Read Moreයාපනය පලාලි ගුවන් හමුදා කඳවුර ප්‍රදේශයේ පිහිටි වාසවිලාන් යුද හමුදා කඳවුර ආසන්නයේ කැලෑවක ඊයේ (01දා) සවස සිදු වූ පිපිරීමකින් යුද හමුදා සෙබලෙකු මිය ගොස් තවත් සෙබලුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව කන්කසන්තුරෙයි පොලීසිය පවසයි.
Read Moreසියලුම සංවිධාන හා සංඝයා වහන්සේලා රටේ තැන් තැන් වල හුදෙකලා සටන් නොකර සැබෑ ලෙසම ජාතියට ආදරයක් ඇත්නම් ජාතික ව්‍යාපාරයකට එකතුවිය යුතු බවත් සියලුම නිකායන් එකට එකතුව රට ගොඩනගන වැඩපිළිවෙළකට එක්විය යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
Read Moreකිසිඳු රටක විදේශීය හමුදාවක් කිසිඳු අවස්ථාවක කිසිඳු අයුරකින් මෙරටට ගෙන්වීමට තමා ජනාධිපතිධූරයේ සිටින තුරු කටයුතු නොකරන බවත් ඊට ඉඩ ලබා නොදෙන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි
Read More