saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11008 hours ago

LATEST

අධිකරණ නියෝගයක් දෙන්නේ නම් වහාම මැතිවරණයක්

calendar_today 2019 ජුනි 03 - 18:26 remove_red_eye - 2600  

අධිකරණ නියෝගයක් ලබාදෙන්නේ නම් සීමා නිර්ණ ක්‍රියාවලිය නොසළකා හරිමින් කඩිනමින් වහාම මැතිවරණයක් පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසම අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වුවද, ආණ්ඩුවට සහාය දෙමින් පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස ඉදිරියට කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

Read More

ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ මහවැලි කලාපවල පැළ ලක්ෂ 50ක් වගා කිරිමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

Read More

රටේ ආරක්ෂාව දේශපාලන පන්දුවක් බවට කරගෙන, මේ රටේ තියෙන්නේ එක ආණ්ඩුවයි ජනතාව කිව්වේ මේ දෙපාර්ශවයට එකතු වෙලා සාමුහික වගකීමෙන් රට පාලනය කරන්න මිසක් මේ විදියට කුලල් කා ගන්න නොවෙයි කියා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල් පීරිස් මහතා පවසයි.

Read More

පාස්කු ඉරිදා සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සිදුකළ පරීක්ෂණවලට අනුව ඊයේ (03දා) දිනය වනවිට පුද්ගලයන් දෙදහස් දෙසීය අසූනවයක් (2289) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

තාවකාලිකව වසා දැමුණු කැලණිය විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු ලබන 06 වනදා සිට යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

Read More

නො. 30, සර් මාකස් ප්‍රනාන්දු මාවතේ, විපක්ෂ නායක කාර්යාලයේ ඔම්බුඩ්ස්මන් ඒකකය පිහිටුවීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ සිදු විය.

Read More

වෛද්‍ය සහතිකයක් නොමැතිව වෙනත් වෛද්‍යවරයෙකුගේ නම භාවිතා කරමින් හොරොව්පොතාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක රෝගීන් හට වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරයෙකු ඊයේ (02දා) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලීසිය පවසයි.

Read More

ආණ්ඩුව නියෝජනය කරන සියලුම කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය මුස්ලිම් අමාත්‍යවරුන් එම ධුරවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තාවෙයි. කෙසේ වෙතත් ඔවුන් තවදුරටත් ආණ්ඩු පක්ෂයේ සිට කටයුතු කිරීමට නියමිතව තිබේ.

Read More

ජාතික පරිසර සතිය නිමිත්තෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති මන්දිර පරිශ්‍රයේ කිරිපළු පැළයක් රෝපණය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.

Read More

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරණාත්මක කණ්ඩායම් රැස්වීමක් මේ වන විට අරලිය ගහ මන්දිරයේදී පැවැත්වෙයි.

Read More

ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍ර හැකි ඉක්මනින් පුරවා භාර දෙන්නැයි කැෆේ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් එම ධුරවලින් ඉල්ලා අස්වූ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් රතන හිිමියන්ට දැන්වීමෙන් අනතුරුව දින 4කට ආසන්න කාලයක් රතන හිමියන් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහාය දැක්වීමක් ලෙස ප්‍රචන්ඩත්වයෙන් තොරව සාමකාමීව හැසිරෙන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පවසයි.

Read More

දළදා මාලිගාව ඉදිරිපිට උපවාසයක යෙදී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට සහයෝගය දැක්වීම සඳහා ගිරිඋල්ල, මීගමුව, කුරුණෑගල මාර්ග 34 හි ගමන් කරන පෞද්ගලික බස්රථ 35කට ආසන්න සංඛ්‍යාවක් අද (03) සියලුම ගමන්වාර වලින් ඉවත්වී ඇති බව ගිරිඋල්ල මීගමුව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් ධම්මක නිශාන්ත මහතා පැවසීය.

Read More

කාදිනල් හිමියන් ජාතීන් අතර භේද හා ද්වේශය ඇතිකරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා චෝදනා කරයි

Read More

ආණ්ඩු පක්ෂයේ සිටින මුස්ලිම් ඇමතිවරු මුස්ලිම් ජනතාවට එල්ලවන පීඩනය හමුවේ ආණ්ඩුවේ කාර්යය භාරය පිළිගත නොහැකි බව දන්වමින් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කිරීමට ඉඩ ඇතැයි වාර්තාවේ.

Read More

අද දිනයේදී කිසිම ආකාරයක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක නොකරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහාය දක්වමින් අති විශාල ජනතාවක් මහනුවරට එක්රැස්වී තිබේ.

Read More

ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරතව සිටින අතුරලියේ රතන හිමියන්ට සහාය පලකරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ භික්ෂුන්වහන්සේලා ඇතුලු පිරිසක් ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ සිට ගාල්ල නගරයට වැඩම කොට ධර්මපාල උද්‍යානය ඉදිරිපිටදි ආශිර්වාද සත්‍යග්‍රහයක නිරත වුහ.

Read More

නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වී තිබේ.

Read More

ඒ නිසා රටවැසි සිංහලයෙනි. මේ සටන තියෙන්නේ සංඝරත්නය අතේ. අපි මේ සටන අතට ගත්තා. එක ලේ කළඳක් හලන්නේ නැතිව. එක ගල් කැටයක් ගහන්නේ නැතිව. එදා පානදුරාවාදයේදි වගේ අපි මේ උන්මන්තක අන්තවාදය පරාජය කරනවා.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීය.

Read More

පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට වහාම විසඳුම් ලබාදීමට කටයතු කරන ලෙස සඳහන් කරමින් මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් ඒකාබද්ධ ලිපියක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ.

Read More

යුද්ධය හේතුවෙන් විනාශ වූ මුලතිව් අලම්පිල් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසුව පළමු දේව මංගල්‍යය යාපනය රදගුරු ජස්ටීන් ඥානප්‍රකාශ් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) දින පැවැත්වුණි.

Read More

ඉල්ලීම් හතරක් මුල් කර ගනිමින් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහාය පළ කරමින් අති උතුම් මැල්කම් රංජිත් කාදින්ල් හිමිපාණන් අද පෙරවරුවේ මහනුවරට පැමිණියහ.

Read More

සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගෙනෙන විශ්වාසභංගය ප්‍රධාන චෝදනා දෙකක් යටතේ මේ වනවිට සකස් කරමින් පවතින බවත් ලබන සතියේ කථානායක කරු ජයසූරිය මහතාට භාරදීමට නියමිත බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ උපසභාපති රංජිත් සොයිසා මහතා අද (3) අද පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

Read More

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාරවරු දෙදෙනෙකු ධුරයෙන් ඉවත් කිරිම ඇතුලුව ඉල්ලීම් හතරකට බල කරමින් අතුරලියේ රතන හිමියන් විසින් ආරම්භ කළ උපවාසයට සහාය පළ කිරිමට පොළොන්නරුව ලංකාපුර ශාසනාරක්ෂණ බලමණ්ඩලයේ හිටපු සභාපති ශ්‍රී ශාඛිභා බිම්බාරාමයේ විහාරාධිපති යටිහලගල උපතිස්ස නාහිමි අද (03) දින බි.ඕ.පි. 400 නගරයේදි උපවාසයක් ආරම්භ කර ඇත.

Read More

ජාතිත තරුණ සේවා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන ජාතික තුරුණු පොසොන් කලාපය මේ මස 13 වැනිදා සිට 18 වැනිදා දක්වා මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

Read More

උපවාසයක නිරත අතුරුලියේ රතන හිමියන්ට සහාය පළකරමින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට ඉල්ලා අස්වෙන ලෙසත් බලකරමින් වරකාපොළ නගරයේ විරෝධතාවක් පැවැත්වීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.