හදිසි මහ මැතිවරණයකට පසුබිම?
ආණ්ඩු පක්ෂයේ සිටින මුස්ලිම් ඇමතිවරු මුස්ලිම් ජනතාවට එල්ලවන පීඩනය හමුවේ ආණ්ඩුවේ කාර්යය භාරය පිළිගත නොහැකි බව දන්වමින් ඇමතිධුරවලින් ඉවත්වීමට තීරණය කිරීමට ඉඩ ඇතැයි වාර්තාවේ.
මේ වනවිට පැවැත්වෙන මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවෙන් පසුව මෙම තීරණය දැනුම් දීමට ඉඩ ඇතැයි වාර්තාවේ.
ඔවුන්ගේ බහුතර මතය වී ඇත්තේ ආණ්ඩුව සහ විපක්ෂය යන දෙකම මුස්ලිම් ජනතාව ආරක්ෂා නොකරන බවයි.
මේ නිසා මෙම දෙපාර්ශ්වයටම සහයෝගය ලබා නොදී සිටීමට මුස්ලිම් මන්ත්‍රීවරු තීරණය කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග දන්වයි.
එසේ වුවහොත් හදිසි මහ මැතිවරණයකට අවශ්‍ය පසුබිම නිර්මාණය වන බව දේශපාලන විචාරකයන්ගේ විශ්වාසයයි.

popular news
-
SHAN Monday, 03 June 2019 04:35 PM
සේරම යන්න. මෙයාලා නැතිව රට වැනසෙන්නේ නෑ. මේ සේරම කළේ එදා ඉඳලා රට වනසන දේවල් විතරයි.
Reply : 0 60
bandara Monday, 03 June 2019 05:37 PM
හිටං ඉන්නකන් මුස්ලිම් ජනතාව ආරක්ෂා වෙනවා. එනිසා අස්වෙන්න එපා. අස්වෙච්ච අයට ලබන සතියේ නව පත්වීම්.
Reply : 0 1
Kumar Thursday, 06 June 2019 07:20 AM
පොහොට්ටුවේ අයනම් මැතිවරණයක් තියන්නෙ කවදාද කියල බලාගෙන ඉන්නෙ. ඒගොල්ලන් නැවත පත්වුනොත්නම් ලංකාවේ ඉතිරිටික උකසට තියල සල්ලි ගන්නවා, ඒ අයට නැවත බලය දුන්නොත් ලංකාවේ චන්දදායකයෝ කරන්නේ හරියට මුහුණ එක්ක තරහවෙලා නහය කපාගන්නවා වගේ වැඩක්. වෙන විදයකට කියවනම් කහි ගෑනි දීල හොටු ගෑනි ගන්නවා වගෙයි.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

