ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරතව සිටින අතුරලියේ රතන හිමියන්ට සහාය පලකරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ භික්ෂුන්වහන්සේලා ඇතුලු පිරිසක් ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ සිට ගාල්ල නගරයට වැඩම කොට ධර්මපාල උද්‍යානය ඉදිරිපිටදි ආශිර්වාද සත්‍යග්‍රහයක නිරත වුහ.
උපවාසයේ නිරත සිටින අතුරලියේ රතන හිමියන්ට ආශිර්වාදපතා මෙකි සත්‍යග්‍රහය සංවිධානය කොට තිබුණි.
ගාලු දිසාවේ භික්ෂුන් වහන්සේලා අද (03) පෙරවරුවේ කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ සිට ගාල්ල නගරයට පාගමනින් වැඩම කළහ.
ඉන්පසු මහා සංඝරත්නය ධර්මපාල උද්‍යානය ඉදිරිපිට ඇති බුද්ධ ප්‍රතිමාව අසලට වැඩමකොට මල්පහන් පුජා කොට සෙත් පිරිත් සජ්ජායනා කරමින් අතුරලියේ රතන හිමියන්ට සහාය පළ කරමින් සමකාමි ආශිර්වාදාත්මක සත්‍යග්‍රයක නිරත වුහ.
අන්තවාදින්ට සහාය දෙන රිෂාද් බදුර්දින්, අසාද් සාලි හා හිස්බුල්ලා වහා තනතුරුවලින් ඉවත් කරන ලෙසද මෙහිදි මහා සංඝරත්නය ඉල්ලා සිටියහ.
ගාල්ල දිසාවේ මහා සංඝරත්නය විසින් මෙකි සත්‍යග්‍රහය සංවිධානය කොට තිබුණි.
මෙම සත්‍යග්‍රහය සඳහා ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය කණුමුල්දෙණියේ චන්දවිමල, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි බද්දේගම සමිත හිමියන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
ජිනේෂ් නානායක්කාර
