මුලතිව් ශාන්ත අන්තෝනි දෙවි මැදුර සංවර්ධන කෙරේ - පළමු දේව මෙහෙය යාපනය රදගුරුගේ ප්‍රධානත්වයෙන්
යුද්ධය හේතුවෙන් විනාශ වූ මුලතිව් අලම්පිල් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසුව පළමු දේව මංගල්‍යය යාපනය රදගුරු ජස්ටීන් ඥානප්‍රකාශ් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) දින පැවැත්වුණි.
උත්සවාකාරයෙන් අලම්පිල් ශාන්ත අන්තෝනි කතෝලික දෙවි මැදුරේ පැවැති උත්සවය වෙනුවෙන් මුලතිව්හි කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූ අතර එහිදී පැවති දේව මෙහෙයේදී පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ සහෝදර ජනතාව වෙනුවෙන්ද විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණි.
යුද්ධය හේතුවෙන් අල්ම්පිල් දේව මන්දිරය විනාශ වූ අතර යුද්ධයෙන් පසුව නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව මෙසේ කතෝලික බැතිමතුන් වෙනුවෙන් නැවත දේව මෙහෙයන් සිදු කිරීමට අවස්ථාව උදා වීම මහත් භාග්‍යයක් බවටද මුලතිව් කතෝලික බැතිමතුන් වැඩිදුරටත් පැවසූහ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
