ජාතික පරිසර සතිය නිමිත්තෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති මන්දිර පරිශ්‍රයේ කිරිපළු පැළයක් රෝපණය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.
ජූනි 05 වන දාට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් මැයි 30 සිට ජූනි 05 දක්වා වන සතිය ජාතික පරිසර සතිය ලෙස ප්‍රකාශයට පත් කරමින් විවිධ වැඩසටහන් කි‍්‍රයාවට නංවා තිබේ.
මැයි 30 වනදා පරිසරය පවිත්‍ර කිරිමේ හා පරිසරය පිළිබඳව දැනුවත් කිරීමේ දිනය ලෙසත්. මැයි 31 වනදා වායු දූෂණය හා අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ලෙසත්, ජූනි 01 වනදා රුක් රෝපණ දිනය ලෙසත්, ජූනි 02 වනදා ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය ලෙසත් නම් කර දීප ව්‍යාප්තව විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරුණු ඇත.
මීට අමතරව ජූනි 03 වන දින ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය ලෙසත්, ජූනි 04 වන දින තිරසර ඉඩම් කළමනාකරණ දිනය ලෙසත් ප්‍රකාශයට පත් කරමින් වැඩසටහන් සංවිධානය කර ඇත.
අද වන විට වායු දූෂණය මිනිසාගේ සෞඛ්‍යයට ප්‍රබල තර්ජනයක් එල්ල කර තිබේ. මේ වනවිට ලෝක ජනගහනයෙන් පුද්ගලයන් දහ දෙනෙකු අතරින් නව දෙනෙකුම ජීවත් වනුයේ, ජීවත් වීමට සුදුසු වාතාශ්රයකින් යුතු පරිසරයක නොවන බව සොයාගෙන තිබේ.
නවතම සොයාගැනීම අනුව අපිරිසිදු වාතය අඝ්‍රාහණය හේතුවෙන් ලොව පුරා වසරකට මිය යන පිරිස මිලියන 07 කට ආසන්න බව ඇස්තමේන්තු කර ඇත. මෙසේ මිය යන පිරිසෙන් මිලියන 04ක පමණ ප්‍රමාණයක් ආසියානු හා ශාන්තිකර කලාපීය රටවල්වලින් වාර්තා වන බැවින්, එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන මෙවර පරිසර දින තේමාව වායු දූෂණය ලෙස නම් කර තිබේ.
මේ අතර පරිසර සංවේදී ප්‍රජාවක් බිහි කිරීම වෙනුවෙන් පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් පාසල් දරුවන්, රාජ්‍ය සේවකයන් සහ පොදු ජනතාව ඉලක්ක කර ගනිමින් දීප ව්‍යාප්තව වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නංවා තිබේ.
කෂිනි හපුආරච්චි
