ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ මහවැලි කලාපවල පැළ ලක්ෂ 50ක් වගා කිරිමේ වැඩසටහනක් කි‍්‍රයාවට නංවා තිබේ.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මගපෙන්වීමෙන් වැඩසටහන කි‍්‍රයාවට නංවා තිබෙන අතර, මෙරට වන ඝනත්වය ඉහළ නංවා ගැනීමට කි‍්‍රයාත්මක වැඩසටහනට පුළුල් දායකත්වයක් ලබාදිම එහි අරමුණයි.
එක් කලාපයක් තුළ පැළ ලක්ෂ 05 බැගින් මහවැලි කලාප 10 තුළ පැළ ලක්ෂ 50ක් වගා කිරීම මේ අනුව සිදුවන අතර වන වගා, ඖෂධ සහ ආහාර බෝග පැළ ඒ අතර වෙයි.
මෙම පැළ නිෂ්පාදන කටයුතු එම කලාපවලම සිදුවන අතර කොත්මලේ නවදෙවිට මහවැලි මධ්‍යම පැළ තවාන තුළ පැළ 75,000ක් නිෂ්පාදනය කිරීම සිදු විය.
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ ප්රමුඛ පියවරක් වශයෙන් දැනට පවත්නා වන ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහාත්, 29ක් වූ වන ඝනත්වය 32ක් දක්වා ඉහළ නංවා ගැනීම වෙනුවෙනුත් ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමෙන් මේ වනවිට පුළුල් වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා තිබේ.
කෂිනි හපුආරච්චි
