වෛද්‍ය සහතිකයක් නොමැතිව වෙනත් වෛද්‍යවරයෙකු ගේ නම භාවිතා කරමින් හොරොව්පොතාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරයෙකු ඊයේ (02දා) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලීසිය පවසයි.
හොරොව්පොතාන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින්, වෛද්‍යකරණයට නුසුදුසු අයෙකු විසින් හොරොව්පොතාන නගරයේ රෝගීන්ට ප්‍රතිකාර කරන බවට පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව, සැකකාර මොහොමඩ් ඊබ්‍රහිම් මොහොමඩ් අශ්රොෆ් වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සැකකාර වෛද්‍යවරයා 2018 වසරෙ සිට හොරොව්පොතාන ත්‍රිකුණාමලය මාර්ගයේ හොරොව්පොතාන නගරය ආසන්නයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක සේවය කරමින් රෝගීන්ට ප්‍රතිකාර සිදු කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
සැකකාර වෛද්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍රතිකාර සම්බන්ධයෙන් රෝගීන්ගෙන් සහ වෛද්‍යවරුන්ගෙන් දිනෙන් දින ලැබුණු පැමිණිලි පිළිබඳව තමන් විසින් විමර්ශනයක් සිදුකළ බවත් එහිදී මෙම වෛද්‍යවරයාට ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවසරයක් සහ දැනුවත්භාවයක් නොමැති බවටත් තොරතුරු සොයාගත් බව හොරොව්පතාන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මීට පෙර අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් සැකකාර වෛද්‍යවරයා දැනුවත් කළ බවත් එම දැනුවත් කිරීම් නොතකා ඔහු දිගින් දිගටම ප්‍රතිකාර කිරීම සිදුකිරීම නිසා මෙලෙස පැමිණිලි කළ බවත් ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
අනුරාධපුර - බි.ජි චතුරංග
