අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීය.
විපක්ෂනායකවරයා හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙම සාකච්ඡාවකට එක්වූ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර, කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා, මහ බැංකු අධිපති හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එක්ව තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වන කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා තාවකාලිකව හෝ මෙවැනි ආකාරයකට එක්වීම හොඳ දෙයක් බවයි.

