සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගෙනෙන විශ්වාසභංගය ප්‍රධාන චෝදනා දෙකක් යටතේමේ වනවිට සකස් කරමින් පවතින බවත් ලබන සතියේ කථානායක කරු ජයසූරිය මහතාට භාරදීමට නියමිත බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ උපසභාපති රංජිත් සොයිසා මහතා අද (3) අද පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් විසින් ආණ්ඩුවේ පාලන කාලයේ අවසන් මාස කිහිපය ගෙවී යන මේ වෙලාවේ ඉතාමත්ම නරක ආකාරයට නීතිරීති උල්ලංඝනය කරමින් නීති නීත්‍යානුකූල නොවන පියවර ගණනාවක් ගනිමින් සිටිනවා.
ඒ වගේම ඇමතිවරයෙකුට නොගැලපෙන මට්ටමේ යම් ආකාරයකින් නීති විරෝධීව කටයුතු කරමින් සිටින බව හැම අතින්ම කරුණු කාරණා වාර්තා වෙනවා.
දැනට සෞඛ්‍ය අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන දොස්තර සේනාරත්න මහතා ගැන විපක්ෂයේ අවධානයට යොමුවෙලා තියෙනවා. ඔහු විසින් සිසෙරියන් සැත්කම සිදුකර දරු උපත් නැති කරපු කුරුණෑගල වෛද්‍යවරයා ආරක්ෂා කිරීම ඉතා මත්ම නරක ආකාරයේ මැදිහත්වීමක් සිදු වෙලා තියෙන බවට වාර්තා වනවා.
ඒ වගේම සයිටම් ආයතනය රජයට පවරා නොගෙන මිලියන ගණනාවක් ඒ වෙනුවෙන් වැය කිරීම් මහජන මුදල් වසරක් පාසා කාබාසිනියා කිරීම මේ කරුණු යටතේ තමයි ලබන සතිය විශ්වාසභංගය භාර දීමට තීරණය කර තියෙන්නේ.
ලබන සතියේ අඟහරුවාදා කණ්ඩායම් රැස්වීම් පැවැත්වීමට තීරණය කර ඇති බවත් විශ්වාසභංගයට අවශ්‍ය තොරතුරු මේ වනවිට සකස් කිරිම ආරම්භ කර ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.
බලන්ගොඩ - රෝහණ වසන්ත
