රටේ ආරක්ෂාව දේශපාලන පන්දුවක් බවට කරගෙන, මේ රටේ තියෙන්නේ එක ආණ්ඩුවයි ජනතාව කිව්වේ මේ දෙපාර්ශවයට එකතු වෙලා සාමුහික වගකීමෙන් රට පාලනය කරන්න මිසක් මේ විදියට කුලල් කා ගන්න නොවෙයි කියා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල් පීරිස් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (3) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ රැස්වීමට එක්වෙමිණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා,
කිසි දවසක නොදුටු විදියට රටේ හැම ක්ෂේත්රයක්ම මේ වෙද්දි කඩා වැටිලා තියෙන්නේ. ආණ්ඩුකාරවරු කියන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයින්. ජනාධිපතිවරයාට තියෙන බලතල අදාළ පළාත් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ ආණ්ඩුකාරවරයාට.
වද සැත්කම් සම්බන්ධයෙන් ගත හැකි එකම ක්‍රියාමාර්ගය වෙන්නේ අදාළ වෛද්‍යවරයා නියම විදියට බදු ගෙවලා නැත්නම් වෛද්‍යවරයාගෙන් බදු ලබා ගැනීමයි කියලා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසනවා. අසාද් සාලි සාකච්ඡාවකට එනවා නම් මහජන නියෝජිතයින් එතැනින් පිට වෙලා යනවා. ප්‍රථම වතාවට ආණ්ඩුකාරවරයෙක් යන තැන්වලදී හූ හඩ ඇහෙනවා. ආණ්ඩුකාරවරයාගේ නියෝග ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා සම්බන්ධයෙන් තත්ත්වයත් මේකයි. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා හා ත්‍රස්තවාදින් සම්බන්ධයෙන් මේ වෙද්දි සී. සි.ටී.වි මගින් බරපතළ සාක්ෂියක් ලැබිලා තියෙනවා. දමිළ ගුරුවරුන් මාරුකිරීම ජනාධිපතිවරයා වහාම අවලංගු කර තියෙනවා. ඒ කියන්නේ මේ වෙද්දි ආණ්ඩුකාරවරයා සම්බන්ධයෙන් ජනාධීපතිවරයාටත් කිසිම විශ්වාසයක් නැහැ.
එහෙමනම් ජනතාව කොහොමද ආණ්ඩුකාරවරයාව විශ්වාස කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලතල 36ක් පළාත් සභාවට භාරකරලා තියෙනවා. මේ වෙද්දි පළාත් සභ අටක් අකර්මණ්‍යයි. ඒ පළාත් සභා අටේ සියලුම බලතල ආණ්ඩුකාරවරයා සතුයි. අද වෙද්දි ආණ්ඩුකාරවරුයි ජනතාවයි අතර අරගලයක් දකින්න ලැබෙනවා. පළාත් සභා කාර්යභාරයන් කඩා වැටෙන තැනකට ඇවිත්.
මේ වෙද්දි අතුරලියේ රතන හිමියන් මාරාන්තික උපවාසයක් අරඹලා තියෙන්නේ. දමිළ සන්ධානයේ වියලේන්ද්‍රන් මන්ත්රීවරයාත් ඊට සහාය පල කරලා. ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් තිරණයක් ගන්න ඕනේ ජනාධිපතිවරයායි. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා කියන්නේ එතුමාගේ අනුගාමිකයින්ගෙන් අහලා තීරණයක් ගන්න බවයි. තව මොනවා වෙනකල්ද ඉන්නේ. මේ ගින්න දිගින් දිගටම පැතිරෙනකල්ද ඉන්නේ. මේ ක්ෂණිකව පියවර ගන්න ඕනේ අවස්ථාවක්. නිසි වේලාවට තිරණ අරන් ගින්න නිවන්න ආණ්ඩුවට අවශ්‍යතාවයක් නැහැ කියන්නේ ආණ්ඩුවක් නැති තත්ත්වයක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි
