saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

Latest News - timelapse 10671 hours ago

LATEST

වසීම් තාජුඩීන්ගේ ඝාතනයට හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරියාට අධිචෝදනා

calendar_today 2019 අගෝ 27 - 18:50 remove_red_eye - 803  

රගර් ක්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඞීන් ඝාතනයේ අපරාධකරුවන් එම දඬුවමින් ආරක්ෂා කිරීම සදහා එම අපරාධයේ වැදගත් සාක්කි අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට අධිචෝදනා පත්‍ර භාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඇප මත මුදා හැර

විදේශ රැකියා ජාවාරම් සම්බන්ධයෙන් දිවයින පුරා සිදුකළ වැටලීම් වලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්රිැ ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සමත් වි තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් H.E. Robina Marks මහත්මිය හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (27) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

Read More

මාලදිවයින් ජනාධිපති ඊබ්හිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සැප්තැම්බර් මස 02 දින මාලදිවයිනේ නිල සංචාරයක යෙදීමට නියමිතය.

Read More

එජාපයේ ජනාධිපතිධුර අපේක්ෂකයින් තීරණය කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා අවශ්‍ය නොවන බවත් එජාපය නිසි වේලාවට නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයා ඉදිරිපත් කරන බව ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

Read More

රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද ( 27) අම්පාර ප්‍රදේශයේදි තවත් ත්‍රස්තවාදි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේදි අද (27) දින උදෑසන පුද්ගලික ආරවුලකට එකම පවුලේ 19 හැවිරිදි තරුණියක් හා ඇගේ 8 හැවිරිදි සොහොයුරා තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සකස් කරන සන්ධානය පිළිබඳව අද (27දා) දින පැවැති සාකච්ඡා සාර්ථක වූ බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

ආඩිගම නගරයේදී කුඩා දරුවන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දී ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු සැප්තැම්බර් 9 දින දක්වා බන්ධනාගාර ගත කිරිමට ආණමඩුව මහේස්ත්‍රාත් ස්වර්ණහංසි දුලාන්ජලී ජයසිංහ මහත්මිය ආණමඩුව පොලීසියට ඊයේ (26) දින නියෝග කළේය.

Read More

ඉදිරියේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදි ජනතාව අපේක්ෂා කරන ජනාධිපති අපේක්ෂකයාව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන බවට තමන් තුළ සහ රටේ ජනතාව තුළ විශ්වාසයක් ඇති බව විශේෂ සංවර්ධන අමාත්‍ය වි. රාධා ක්‍රිෂ්ණන් මහතා පැවසිය.

Read More

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් හා නැවත එවැනි ම්ලෙච්ච ප්‍රහාරයක් ඇති නොවි සංහිඳියාව වර්ධනය වේවායි පතමින් ආබාධිත හා දෘශ්‍යාබාධිත සිසුන් දෙදෙනෙකු පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පා ගමනක් අරඹා ඇත.

Read More

දැනට අත්අඩංගුවේ පසුවන කිලිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයාගේ අනාවරණයකට අනුව පලෙයි කරණ්ඩිය ප්‍රදේශයේ සඟවා තිබූ බෝම්බ, පුපුරණ ද්‍රව්‍ය හා ගිනිඅවි ඇතුළු යුද උපකරණ රැසක් ඊයේ (26) සවස සොයාගත් බවට යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකය කියා සිටියි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 දී ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවෙමින් ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය පාවිච්චි කළ බවට ආණ්ඩුවේ මාධ්‍ය විසින් දැවැන්ත ප්‍රචාරයක් සිදු කරන බවත් ඒ නිසා මේ පිළිබඳ ඇත්ත රටට ප්‍රකාශ කළ යුතු බව පා.ම උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

මෙලෙස තරග තහනම් ලබාදීමට පියවර ගෙන ඇත්තේ ඉර්ෆාන් අහ්මඩ් හා නදීම් අහ්මඩ් යන ක්‍රීඩකයින්ට දෙදෙනාටයි. තරග පාවාදීම හෝ තරග පාවාදීමට සැලසුම් සකස් කිරීම යන චෝදනාවන් මොවුන්ට එල්ලවී ඇත

Read More

අධිකරණයට අපහාසයක් සිදුකළැයි කියමින් පවරා ඇති පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන නොවැම්බර් 21 වැනිදාට පෙර ගොනු කරන ලෙස අභියාචනාධිකරණය මහාචාර්ය සරත් විජේසූරිය මහතාට අද (26) නියම් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ සියලු දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ සමඅයිතිය තහවුරු කරමින් ළමා නිවාසවල දරුවන්ට ද ආසන්නතම ජාතික පාසලට ඇතුළත් වීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Read More

දේශීයව වැදගත් වන විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම සඳහා විද්‍යාඥයන්, පර්යේෂකයන් සහ තාක්ෂණඥයන් දිරිගැන්වීමේ අරමුණින් පැවැත්වෙන විද්‍යාත්මක ප්‍රකාශනයන් සදහා වූ ජනාධිපති සම්මාන උළෙල” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ කොළඹ දී පැවැත්විණි.

Read More

ලංකා ගමනාගමන මණ්ඩලයේ නොමැතිව තිබු නියෝජ්‍ය සභාපති තනතුරක් කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ නිර්මාණය කොට රජයට රුපියල් ලක්ෂය 33 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවෙන් තමා නිදහස් කරන්නැයි ඉල්ලමින් පවරා ඇති ප්‍රතිශෝධන ඇයැදුමේ නියෝගය ලබන සැප්තැම්බර් මස 12 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (26) නියම කළේය.

Read More

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් අද (26) උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී සිදුවිය.

Read More

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඇත්තේ කල් ඉකුත් වී පහර දීමේ ප්‍රතිපත්තියක් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

Read More

කොළඹ පී.සරා ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 187ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුනු 122 කට සීමා විය.

Read More

2018 ඔක්තෝම්බර් මස 26 වන දින පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව නව අගමැතිවරයෙකු දිවුරුම් දිමේ නීතිවිරෝධි සහ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලිය වැනි සිදුවිමක් යළි උද්ගත වුවහොත් කථානායකවරයා සිය ධුරයට සමුදී ඉවත්ව යන බවට ප්‍රකාශ කළේ යැයි අද දින (26) ඇතැම් මුද්‍රිත මාධ්‍යයන්හි සහ සමාජ මාධ්‍ය කිහිපයක පළව ඇති නිසි මුලාශ්‍රයක් පදනම් කර නොගත් පුවත මුළුමනින්ම සාවද්‍ය බව කතානායක කාර්යාලය සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ යම් යම් පුද්ගලයින් හිතුමතේ පක්ෂයේ විනය ගැන පවා නොසිතා කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි අවංකවම දුක්වෙන බව විදුලිබල,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

මාතලේ මහ නගරාධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතා විදේශ ගත සිටින අවස්ථාවේ වැඩබලන නගරාධිපති / නි.නගරාධිපති එ.ජ.නි.ස) සන්දනම් ප්‍රකාශ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26)දා පැවැත්වුණු මාතලේ මහ නගර සභා විශේෂ මහ සභා රැස්විම උණුසුම් තත්ත්වයක් ඇති විය.

Read More

මිරිදිය ධීවර ජනතාව නඟාසිටුවීමේ වැඩපිළිවෙල යටතේ රුපියල් ලක්ෂයේ නිවාස ආධාර ප්‍රදානය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද [ 26 ] දින සිදුකෙරිණ .

Read More

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සදහා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන බවත් ඉන් ජයග්‍රහණයෙන් පසුව සියලු සංවර්ධන කටයුතු සිදු කරන බව සංචාරක සංවර්ධන වනජිවි රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පවසයි.

Read More

තලවකැලේ, ලිඳුල, මාවුස්සාඇල්ල වත්තේ වතු කම්කරුවන් පිරිසක් වසරකට අධික කාලයක සිට කිසිඳු පහසුකමක් නොමැතිව එම වත්තේ සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ දැඩි දුෂ්කරතා මැද්දේ කල් ගෙවමින් සිටිති.

Read More

ලාහුගල, බක්මිටියාව තිඹිරිගොල්ල රක්ෂිතයේ මහවන මැද නිධානයක් හාරමින් සිටි පිරිසක් අතරින් එක් පුද්ගලයෙකු සහ නිධානය හෑරීමට යොදාගත් බව කියන හඬ ඈතට විහිද නොයන එක්ස්කැවේටර් යන්ත්‍රයක්, ජෙනරේටරයක් ඇතුළු උපකරණ තොගයක් සහ බහිරව පූජාවක් පැවැත්වීමට සකස් කළ කුකුළෙක් ඇතුළු පූජා භාණ්ඩ ඊයේ (25) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

දින්නන පුළුවන් නායකයා විදියට සජිත් ‌‌ප්‍රේමදාස මහතා අද රටේ මිනිස්සුන්ගේ ඉල්ලීම වී ඇත බවද එතුමත් එක්ක තනි ගමනක් නොව අගමැතිවරයා ඇතුළු පක්ෂ නායකයින් සියලුදෙනාගෙම සහාය ලබාගෙන ඉදිරියට යා යුතු බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

Read More

හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.