මාතලේ මහ නගරාධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතා විදේශ ගත සිටින අවස්ථාවේ වැඩබලන නගරාධිපති / නි.නගරාධිපති එ.ජ.නි.ස) සන්දනම් ප්‍රකාශ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26)දා පැවැත්වුණු මාතලේ මහ නගර සභා විශේෂ මහ සභා රැස්විම උණුසුම් තත්ත්වයක් ඇති විය.
විශේෂ මහා සභාවක් කැදවන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි මොහමඩ් නිලාෆ්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් වන ඒ.එන් ඉන්ද්‍රරත්න, රන්දික විරසිංහ, සරත් ජාතුංග යන මහත්වරුන් විසින් පහත කරුණු 06ක් සාකච්ඡා කළ යුතු බව පවසමින් රැස්විම පවත්වන ලෙස ඒ අනුව මාතලේ මහනගර සභාවේ ප්‍රධාන විධායක නිලධාරි වන නාගරික කොමසාරිස්වරයාට රියදුරන් විසින් බැන තර්ජනය කිරිම සහ නගර සභා තුළ විෂමාචාර ලෙස හැසිරිම පිළිබදව සාකච්ඡා කිරිම. නගර සභාවට අයත් ළමා උද්‍යානයේ පිහිටා ඇති කිරිහල සභා සම්මුතියෙන් තොරව ලබා දිම තුළින් සභාවට මුදල් අගතියක් සිදු කිරිම, ගොංගාවල ආයුර්වේදය අසල කඩකාමර සභා තින්දුවට පටහැනිව ලබා දිම, සෞඛ්‍ය කම්කරුවකු සහ කර්මාන්ත කම්කරුවෙකු ආවරණ පත්විම් ලබා දිම තුළින් සභාව දැඩි අපකිර්තියකට පත් කිරිම සදහා අදාළ අය නිත්‍ය තනතුරුවල පිහිටුවිම, සුපිරි වෙළඳ සංකිර්ණයෙහි අංක 33 කඩකාමරය නිත්‍යනුකුල භාවය පිළිබදව සාකච්ඡා කිරිම සහ නිත්‍යනුකූල මාතලේ මහ රෝහල ඉදිරිපිට තිබු කඩකාමර ඉවත් කර නැවත කඩකාමර ලබා දිම යන කරුණු සාකච්ඡාවට ගන්නා ලෙස ඉල්ලමින් මෙම සභාව කැදවා තිබුණි.
ඒ අනුව වැඩබලන නගරාධිති සන්දනම් ප්‍රකාශ් මහතා විසින් සභා ගර්භයට පැමිණියේ සෙංකෝලය නොමැති අතර නගරාධිපති නිල කබායද නොපැළදගෙනය.
සභාව ආරම්භයේම අදහස් දැක්වු මන්ත්‍රි (එ.ජා.ප) අනාස් රියාල් මහතා කියා සිටියේ මෙම කැදවිම නිත්‍යානුකුල නොවන බවත් සභාව කල්තබන ලෙස ඉල්ලා සිටිමින් යෝජනා කළ අතර මන්ත්‍රි (එ.ජා.ප) එම්.සෆරුල්ලා මහතා විසින් ස්ථිර කළ අතර නමුත් නියෝජ්‍ය නගරාධිපති සන්දස් ප්‍රකාශ් මහතා විසින් මෙය නිත්‍යානුකුල බව පවසමින් අද දින න්‍යාය පත්‍රයට අදාළ කරුණු සාකච්ඡා කරන බවය.
එහිදි නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා කියා සිටියේ අදාළ කරුණු සාකච්ඡා කිරිම සදහා අවස්ථා කිහිපයකදිම නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඒ සදහා අවස්ථාව හිමි නොවු බවය. එම නිසා නගර සභා ආඥා පනත අනුව මෙම සභාව කැදවු බවය.
නමුත් සභාව පවත්වාගෙන යන අවස්ථාවේදි මන්ත්‍රි(එ.ජා.ප) ආනස් රියාල් මහතා සහ නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවු අතර මන්ත්‍රිවරුන් කිහිපය දෙනෙකුම අදහස් දැක්වු හෙයින් සභාව දැඩි ඝෝෂාකාරි තත්ත්වයක් ඇති විය.
සභාව පවත්වාගෙන යන අතරතුර අවස්ථා ගණනාවකදිම වරින් වර නැගිටි සිටිමින් මන්ත්‍රි (ශ්‍රි ලං.පො.පෙ) ඒ.එන් ඉන්ද්‍රරත්න මහතා විසින් අදහස් දැක්විය.
මෙහිදි අදහස් දැක්වු මන්ත්‍රි (එ.ජා.ප) ආර්.එම් සෆරුල්ලා මහතා කියා සිටියේ මේ කරුණු සාකච්ඡා කළ යුතු බවයි. අපි වසර එකහමාරක් තිස්සේ අපි පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් සමග සාකච්ඡා කළ යුතුයි. නමුත් එහෙම කළේ නැහැ. අපිට කොන්ද පණ තියෙන්න ඕන දෙයක් කෙලින් කතා කරන්න. මේ කරුණු ගැන කතා කරන්න පක්ෂ පාට භේද තියාගන්න එපා. අදාළ සිද්ධින් පිළිබදව නිත්‍යානුකුලව කටයුතු කිරිම යෝග්‍යයි.
