එජාපයේ ජනපති අපේක්ෂකයා ගැන ජනතාව බිය විය යුතු නෑ
ඉදිරියේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදි ජනතාව අපේක්ෂා කරන ජනාධිපති අපේක්ෂකයාව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන බවට තමන් තුළ සහ රටේ ජනතාව තුළ විශ්වාසයක් ඇති බව විශේෂ සංවර්ධන අමාත්‍ය වි. රාධා ක්‍රිෂ්ණන් මහතා පැවසිය.
වි.රාධාක්‍රිෂ්ණන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ හොඳම පාසල ළඟම පාසල සංකල්පය යටතේ කොත්මලේ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය හපුගස්තලාව හල් මිනාඩ් ජාතික පාසලේ අධ්‍යාපන අමාත්‍යංශයේ රු මිලියන 82.5 ප්‍රතිපාදන යටතේ ඉදි කරන ලද පාසලේ ප්‍රධාන ශාලාව සහ විදුහල්පති නිල නිවස අද (27) සිසු අයිතියට පත් කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වි රාධාක්‍රිෂ්ණන් අමාත්‍යවරයා කියා සිටියේ කිසිවෙක් කලබල විය යුතු නොමැති බවත්, එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරනු ලබන්නේ ජනතාව සහ තමන් අපෙක්ෂා කරන නායකයා බවයි.
එය එක්සත් ජාතික පක්ෂයේ කාර්යය භාරයක් බවත්, එම කාර්යය භාරය නිසි ලෙස ඉටු කරන තෙක් රටේ ජනතාව බලා සිටින බවයි වි රාධා ක්‍රිෂ්ණන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

