රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන් ඝාතනයේ අපරාධකරුවන් එම දඬුවමින් ආරක්ෂා කිරීම සදහා එම අපරාධයේ වැදගත් සාක්කි අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට අධිචෝදනා පත්‍ර භාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඇප මත මුදා හැරීමට අද (27) නියම කළේය.
රුපියල් 25,000/-ක මුදල් හා රුපියල් ලක්ෂ 02 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදා හැරීමට නියම කළේය.
මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් නිකුත් කළ සිතාසියකට අනුව මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අධිකරණයේ පෙනී සිටියේය.
වසීම් තාජුඞීන් ඝාතනයේ වැදගත් සාක්කි අතුරුදන් කිරිමේ සිද්ධියට ආදාළව සිදුකළ විමර්ශන වල උධෘත පරීක්ෂා කිරිමෙන් අනතුරුව නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විත්තිකරුට එරෙහිව අධිචෝදනා නැඟීමට ගත් තීරණයකට අනුව අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකුට එරෙහිව අධිචෝදනා මත නඩු පවරන ලදී.
2012 මැයි මස දිනයක රාත්‍රියේ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදී ගින්නට හසුව තිබු කේ.කිව්. 6543 දරණ කාර් රථය තුළ මියගොස් සිටි රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන් ඝාතනයේ අපරාධකරුවන් මරණීය දඬුවමෙන් දඬුවම් ලැබිය හැකිව තිබියදී ඔවුන් එම දඬුවමින් ආරක්ෂා කිරිම සදහා එම අපරාධයේ වැදගත් සාක්කි අතුරුදන් කළ බවට නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා නඟා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාය.
මොහොමඞ් වසීම් තාජුඞීන් නමැත්තාගේ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට නියම කොට තිබු අවස්ථාවක ඔහුගේ දැනුම්දීම මත එම ප්‍රශ්චාත් මරණ පරීක්ෂණය කනිෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් පවත්වා ඇති බවත් ප්‍රශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෘත ශරීරය ඥාතීන්ට මුදා හැරීමෙන් අනතුරුව ආනන්ද සමරසේකර මහතාගේ නියමය අනුව තාජුඞීන් නමැත්තාගේ මෘත ශරීරය අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යළි කැඳවා ඇති බවත් අනාවරණය වී ඇති අතර ඒ අවස්ථාවේදී ආනන්ද සමරසේකර මහතා විසින් තාජුඞීන් නමැත්තාගේ අස්ථි කොටස් ඉවත් කොට ඇති බවට සාක්කි ඇති බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
මෙම නඩුව අද (27) කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අධිකරණයේ පෙනී සිටි අතර විත්තිකරුට එරෙහි අධිචෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී ඔහුට භාරදුන්නේය.
