ළමා නිවාසවල සිටින දරුවන්ටත් ජාතික පාසල් වල ඉඩක් දෙන්න - අකිල
ශ්‍රී ලංකාවේ සියලු දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ සමඅයිතිය තහවුරු කරමින් ළමා නිවාසවල දරුවන්ට ද ආසන්නතම ජාතික පාසලට ඇතුළත් වීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
එමෙන්ම එසේ ඇතුළත් කරගන්නා දරුවන්ට ද සෙසු දරුවන්ට මෙන් සමානත්වයෙන් සැලකීමට පියවරගත යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
ඒ අනුව, රජයේ ලියාපදිංචි වී ඇති ළමා නිවාසවල සිටින දෙමවුපියන් අහිමි දරුවන්ට ළඟම පිහිටි ජාතික පාසලට ඇතුළත් වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2019-07-31 දිනැති අංක 38/2019 දරන චක්‍රලේඛය මගින් සියලුම ජාතික පාසල්වල විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇත.
ළමා නිවාසවල සිටින දෙමවුපියන් අහිමි දරුවන් අතරමැදි ශ්‍රේණිවලට ඇතුළත් කිරීමේ දී අදාළ ළමා නිවාසයේ භාරකරු විසින් යොමුකරන ලද අයදුම්පත පරීක්ෂා කර අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව පාසලට ඇතුළත් කරගැනීමට කටයුතු කළ යුතු බවට ද මෙම චක්‍රලේඛයේ සඳහන් වේ.
එමෙන්ම, පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළව නිකුත් කර ඇති 29/2019 චක්‍රලේඛයේ 4.5 උප වගන්තියේ සඳහන් පරිදි ළමා නිවාසයක සිටින සෑම ළමයෙකුගේ ම නීත්‍යානුකූල භාරකරු ලෙස ළමා නිවාසයේ භාරකරු සැලකේ. ඒ අනුව අදාළ ඉල්ලුම් පත් යොමුකිරීම ළමා නිවාසයේ භාරකරුට පැවරේ. එම භාරකරුවන්ට ස්වකීය ළමා නිවාසවල සිටින දරුවන්ගේ අනාගත අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන් ලබා දී ඇති මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
කෂිනි හපුආරච්චි

popular news
-
නන්දසේන Tuesday, 27 August 2019 07:27 PM
වැඩක් නැහැ ඇමතිතුමෝ එහෙම ඇතුලත් කලාම දරුවන් දැඩිම මානසික පීඩාවන්ට පත්කිරීමට සමහරක් ගුරු භවතුන්/භවතියන් සැදී පැහැදී සිටිනවා.ළමා නිවාසයකින් පමණක් නොව උසස්පෙළ පංති නැති පාසැල් වලින් සාමාන්‍ය පෙළ සමත්ව පැමිනෙන දරුවන්ට පවා හිරිහැර කරවා පාසැල එපාකරවන උත්තමයින් හා උත්තමාවන් කොතෙකුත් ඉන්නවා.බොහෝ ජාතික පාසැල් ඒවාට අරක්ගත් පිරිසකගේ බූදල් වෙලා තියෙනවා.ඔබතුමා ඔවුන්ටම සහන සැලසීමට එම පාසැල් කාර්ය මණ්ඩලවල උතුමන්ලාගේ හා උත්තමියන්ගේ දරුවන්ට සුදුසුකම් නැතත් ජාතික පාසැල්වලට ඇතුල්වීමට හැකියාව ඇතිකලානේ.
Reply : 0 0
බින්දු Wednesday, 28 August 2019 06:06 AM
0.0.0.0.0.0000000000000000000000000000000000000000000000000000000000
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

