පාස්කු ප්‍රහාරය හෙළා දකිමින් ආබාධිත සිසුන් දෙදෙනෙකු පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුවට පාගමනක්
පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් හා නැවත එවැනි ම්ලෙච්ච ප්‍රහාරයක් ඇති නොවි සංහිඳියාව වර්ධනය වේවායි පතමින් ආබාධිත හා දෘශ්‍යාබාධිත සිසුන් දෙදෙනෙකු පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පා ගමනක් අරඹා ඇත.
පේදුරුතුඩුවෙන් ගමන් ඇරඹු මෙම සිසිහු දෙදෙනා අද (27) මැදවච්චිය හරහා අනුරාධපුරය ආදා නගර පසුකරමින් එළඹෙන සැප්තැම්බර් මස 04 වනදා දෙවුන්දරතුඩුවට ළඟාවිමට බලාපොරොත්තුවෙන් සිටියි.
මඩකලපුව ශාන්ත මයිකල් විදුහලේ ඉගෙනුම ලබන එස්.සංජීවන් හා පී.දුෂාන්තන් නැමති මෙම ආබාධිත සිසුන් දෙදෙනා පා ගමන අරඹමින් කියා සිටියේ යුද්ධයෙන් වැඩි වශයෙන් පීඩා විඳි උතුරු නැගෙනහිර ජනතාව ඇතුළු සමස්ත ශ්‍රීලාංකික ජනතාවට නැවත වරක් යුද බිය ගෙන දුන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය දැඩි සේ හෙළා දකින බවටත් නැවත එවැනි ප්‍රහාරයක් කිසිදිනක ඇති නොවිය යුතු බවටත්ය.
එමෙන්ම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මේ වනවිට අවධානමට ලක් වී ඇති ජාතීන් අතර සංහිඳියාව නැවත නගා සිටිය යුතු බවටත් ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකිකයින්ට එක්වන්නැයි ආරාධනා කොට සිටිම මෙම පාගමනේ ප්‍රධාන අරමුණ බවටද එම සිසුන් දෙදෙනා වැඩිදුරටත් පැවසූ අතර සිසුන් දෙදෙනාගේ පාගමන වෙනුවෙන් සෑම නගරයකින්ම උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් පවති.


popular news
-
Kumar Tuesday, 27 August 2019 09:05 PM
ළමයිනේ ඔබලාට සිදුවුණා දෙය ගැන අපි කණගාටු වෙනවා. ඔබලාගේ ආරක්ෂාව සඳහා තැබිලි පාට පටියක් පිට හරහා තිබුනොත් හොදයි. ඉතා ප්‍රවේසමින් මාර්ගයේ අයිනෙන්ම ගමන් කරන්න. ලංකාවේ මහාමාර්ගවල බිමත් රියදුරන් ඉන්න නිසා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

