පුද්ගලික ආරවුලකට එකම පවුලේ දරුවන් දෙදෙනා කපා කොටා ඝාතනය කරයි
වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ දී අද (27) දින උදෑසන පුද්ගලික ආරවුලකට එකම පවුලේ 19 හැවිරිදි තරුණියක් හා ඇගේ 8 හැවිරිදි සොහොයුරා තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වෙන්නප්පු වයික්කාල කනිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට පදිංචිව සිටි ගාල්ල පතිරගේ ගිම්හාණි නිෂේධි රූපසිංහ (19 ) හා ඇගේ 8 හැවිරිදි සොහොයුරා බව කියන සහන් නෙත්සර රූපසිංහ නැමති එකම පවුලේ දරුවන් දෙදෙනෙකු බව පොලීසිය පවසයි.
දෙමහල් නිවසක පහත මාලයේ රැදි සිටි මෙම තරුණිය හා කුඩා දරුවා ආසන්නයේ පදිංචි කරුවකු විසින් පුද්ගලික ආරවුලක් මත මෙසේ කපා කොටා ඝාතනය කර ඇති බව පොලිස් මුලික විමර්ශන වලදී අනාවරණය වේ.
සිද්ධිය වන මොහොතේ ඝාතනයට ලක්වු දරුවන්ගේ මව දෙමහල් නිවසේ උඩු මහලේ රැදි සිට ඇති බව ද කියයි.
බරපතළ තුවාල සහිතව සිටි මෙම තරුණිය හා පිරිමි දරුවා මාරවිල රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඝාතනයට සම්බන්ධ සැකකරු හා ඝාතනයට ලක්වු දරුවන්ගේ මවුපියන් අතර ජලය සම්බන්ධ ගැටලුවක් කලක සිට පැවති බවත් ඒ හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට වාර්තා වෙයි .
සිද්ධිය සම්බන්ධව වෙන්නප්පුව පොලීසිය පරික්ෂණ අරඹා තිබේ .
පුත්තලම - හිරාන් ප්‍රියංකර

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

