සජිත්ගේ ජයග්රහණයෙන් පසු රටේ සියලු සංවර්ධන කටයුතු සිදු කරනවා - රංජිත්
එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සදහා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන බවත් ඉන් ජයග්රහණයෙන් පසුව සියලු සංවර්ධන කටයුතු සිදු කරන බව සංචාරක සංවර්ධන වනජිවි රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පවසයි.
කඩුවෙල පුජාගොඩ පැවති විවෘත කිරිමකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
"මැතිවරණයකදි අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන කොට ආණ්ඩුවක් පත් වෙනකොට අපි දැන ගන්නට ඕන ගමට අවශ්‍ය දේ මොකද්ද කියලා . ඒ වගේම රජයේ නිලධාරින් ඉන්නවා ඒ නිලධාරින් එක්ක අපි වැඩ කරන්න ඕනඡන්දය තියෙනකොට එක එක දේ පොරොන්දු වෙනවා . ඉවර උනාට පස්සේ සමහර අය බලනවා ඇතැම් අය බලන්නේ නැහැ. පුජාගොඩ වසමට රුපියල් ලක්ෂ ගාණක් ලැබිල තියෙනවා . ඒකට ප්‍රශ්නයක් ඇති වුණා මේ පාර අවශ්‍ය නැහැ කියලා . ගමේ අයම දොෂාරෝපණය කලා . ඒ නිසා මුදල් ප්‍රමාද වුණා . මෙයින් සැහෙන පාඩුවක් වුණා . ඒ නිසයි කල් ගියේ .
ගමට අවශ්‍ය දේ ගමේ අය ආරක්ෂා කරගන්න . ඒක අගේ කළ යුතුයි . අපට අවශ්‍යයි සැලැස්මක් ඇතිව යම්කිසි වැඩක් කරන්න .ගමට නිළධාරි 4ක් ඉන්නවා ළඟදිම තවත් නිලධාරියෙක් පත් වෙනවා. ග්‍රාම නිලධාරි කොට්ඨාස වලට ගමේ සංවිධානයක් තියෙනවා ගමේ නායකයෙක් ඉන්නවා ඒ සියලු දෙනාටම වගකිමක් තියෙනවා අඩුපාඩු හොයලා බලලා හැම අංශයක්ම විහාරස්ථානයට වෙනත් ආගමික ස්ථානද රැකියා ප්‍රශ්නද මේ සියල්ලට වග කියන්න ඕන . එතකොට කියන්න බැහැ මේ ආණ්ඩුව මොනවද කළේ නැත්තේ කියලා කියන්න බැහැ" .

popular news
-
Kumar Monday, 26 August 2019 09:22 PM
අප්පේ ඔය කතාව අහල ලංකාවේ චන්දවයකයන්ගේ කන් රිදෙනවා ඇති. ඔය කතා විසවාස කරන්නෙ මෝඩයො. එහෙමම කරනවා කියල චන්දය දෙන අය කරන්න තුරඟ තරග පිටියට ගිහිල්ල කොර අශ්වයෙකුට බෙට් දානවා වගේ වැඩක්.
Reply : 0 0
rr Tuesday, 27 August 2019 08:35 AM
සජිත් තමුන්ව අන්න්දල නේද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

