ගෝඨා හොර ජන්ද දැම්මේ නෑ - ගම්මන්පිල
ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 දී ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවෙමින් ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය පාවිච්චි කළ බවට ආණ්ඩුවේ මාධ්‍ය විසින් දැවැන්ත ප්‍රචාරයක් සිදු කරන බවත් ඒ නිසා මේ පිළිබඳ ඇත්ත රටට ප්‍රකාශ කළ යුතු බව පා.ම උදය ගම්මන්පිල මහතා පවසයි.
එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙවැන්නකි,
“1992 දී ඇමෙරිකාවේ නිත්‍ය නේවාසිකයෙකු බවට පත් වුණත් ඇමෙරිකාවේ පුරවැසියෙකු බවට පත් වුණේ නෑ. ඒ කියන්නේ ඇමෙරිකාවේ ජීවත් වන ශ්‍රී ලංකා පුරවැසියෙක්. ඒ නිසා සැම වසරකම මැදමුලන නිවසේ ඡන්දදායක ලැයිස්තුව පුරවන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමත් ලැයිස්තුවට ඇතුලත් කරන්න ගෘහ මූලික විධියට චමල් රාජපක්ෂ මහතා කටයුතු කළා. මොකද බැරි වෙලාවත් ඡන්දයක් පැවැත්වෙන විට ගෝඨාභය මහතා ලංකාවේ සිටියොත් ඔහුට තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව තිබිය යුතු නිසා.
ගෝඨාභය මහතා ඇමෙරිකාවේ පුරවැසියෙකු වන්නේ 2003 වසරේ දී. එබැවින් 2005 ජනාධිපතිවරණයට භාවිතා කළ ඡන්දදායක ලැයිස්තුවේ ගෝඨාභය මහතාගේ නම තිබෙනවා. නමුත් ජනාධිපතිවරණය වන විට ඔහු ඇමෙරිකානු පුරවැසියෙකු වීමෙන් ලංකාවේ පුරවැසිභාවය අහෝසි වී තිබුණා.
මේ තමන්ගේ අයියා තරග කරන ජනාධිපතිවරණය. ඡන්ද හිමි නාමලේඛණයේ තමන්ගේ නම තිබෙනවා. නමුත් තමන් තවදුරටත් ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන නිසා මේ විනය ගරුක නීති ගරුක මල්ලි තමන්ගේ. ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලැකි සිටිනවා. අන්න ඒ නිසා තමයි ගෝඨාභය මහතාගේ නම ඡන්ද නාම ලේඛණයේ තිබුණු බවට චෝදනා නැගුවාට ඇත්තෙන්ම ඡන්දය පාවිච්චි කළ බවට කිසිවෙක් චෝදනා නගන්නේ නැත්තේ.
එජාපය මඩක් කර ගන්න හැදූ සිදුවීම ගෝඨාභය මහතා කෙතරම් නීතිගරුක පුද්ගලයෙකු ද කියන එක ප්‍රදර්ශනය කරන සාධකයක් වී තිබෙනවා. මේ සිදුවීම මතු කළාට ආණ්ඩුවේ පචමෝල් හිමියනි, ඔබට පින්!” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය

popular news
-
Nandana Monday, 26 August 2019 09:46 PM
කඩේ යන්නේ නිකන් නෙමේ ,
Reply : 0 0
Kumar Tuesday, 27 August 2019 07:10 AM
හොර චන්ද දමන්න නොවේ නම් ගොටගෙයි නොනැගෙයි නම් චන්ද ලයිස්තුවට දැම්මේ මොකටද? ඒගොල්ලෝ හිතන්න නැතිව ඇති පරාදවෙයි කියල. බලයේ ඉන්නවනම් ඕනෑම දෙයක් කරලා බේරෙන්න පුලුවන්නෙ.
Reply : 0 0
mandaram Tuesday, 27 August 2019 07:58 AM
මේ තමන්ගේ අයියා තරග කරන ජනාධිපතිවරණය. ඡන්ද හිමි නාමලේඛණයේ තමන්ගේ නම තිබෙනවා. නමුත් තමන් තවදුරටත් ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන නිසා මේ විනය ගරුක නීති ගරුක මල්ලි තමන්ගේ. ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලැකි සිටිනවා හික් හික් හික් මේ අර ජනතාවගේ මුදල් වලින්දෙමුපියන්නේ සොහොන් හදල මාට්ටු උනහම සල්ලි ටිකක් අපහු දුන්න ගොට නේද මඩ හෝදන්නේ Australia වල අර ජෝදුවගේ මුදල් උස්සපු බෝ පෙළය නේද ඔබ නීති තර්ක දල නඩුවෙන් බේරෙන්න පුළුවනි Australian කාරයෝ බොරුවට ඔබේ පිටුපස එන්නේ Neha ඔබ පට්ට කපටි හොරෙක් වැඩේ තියෙන්න හොරෙක් තව හොරෙකුට සුදු හුණු ගානවා
Reply : 0 0
silva Tuesday, 27 August 2019 08:07 AM
ඔබ කොහොමද ඉස්ටිරවම දන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

