ආඩිගමදි දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දුන් සැකකරු රිමාන්ඩ්
ආඩිගම නගරයේදී කුඩා දරුවන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දී ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු සැප්තැම්බර් 9 දින දක්වා බන්ධනාගාර ගත කිරිමට ආණමඩුව මහේස්ත්රාත් ස්වර්ණහංසි දුලාන්ජලී ජයසිංහ මහත්මිය ආණමඩුව පොලීසියට ඊයේ (26) දින නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත කළේ ආඩිගම පෙරයමඩුව පදිංචි උදය ලක්සිරි දසනායක නැමති අයෙකී.
අදාළ සැකකරු පසුගිය 14 දින ආඩිගම නගරයේදී රාත්රි 7 .30 ට පමණ වෙළඳ සැලක් වෙත පැමිණ සිටි වයස අවුරුදු 16 ට අඩු පිරිමි දරුවන් දෙදෙනෙකුට ලිංගික අතවර සිදුකර ඉන් පසුව අමානුෂිකව පහර දී තිබු අතර එම පහර කැමට ලක්වු දරුවන් රෝහල් ගත කර ප්රතිකාර ලබා ගෙන තිබු බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
අදාළ සිද්ධියට සම්බන්ධයෙන් ප්රදේශය හැර ගොස් සැඟවි සිටි සැකකරු යළි 25 දින රාත්රියේ නිවසට පැමිණ ඇති බවට ලැබුණ තොරතුරක් මත ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අදාළ සැකකාර පුද්ගලයා මිට ඉහත ස්ත්රි දුෂණ චෝදනාවක් සහ හෙරෝයින් ළඟ තබා ගැනිමක් සම්බන්ධව නඩු දෙකක් ආණමඩුව අධිකරණයේ විභාග වෙමින් පවතින බව වාර්තා වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

