saravita-anim2

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

Latest News - timelapse 115 hours ago

LATEST

ළමුන්ට ආරක්ෂිතව සාක්ෂි දිය හැකි සාක්ෂි කාමර

calendar_today 2025 සැප් 18 - 09:25 remove_red_eye - 92  

ළමුන් සදහා ආරක්ෂිතව සාක්ෂි දීමේ සාක්ෂි කාමර ස්ථාපිත කිරීම මෙරට අධිකරණ පද්ධතියේ හැරවුම් ලක්ෂයක් බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර තොටළඟ සිරිමාවේ බණ්ඩාරනායක මාවත, බස් නැවතුම්පොළ අසලදී පෙරවරුවේ ආරම්භ කෙරිණි.

Read More

ඇල්ල,වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසල ඉකුත්‍දා සිදුවූ බිහිසුණු බස් රථ අනතුරින් තුවාලලත් රෝගීන් බේරා ගැනීමට තම ජීවිතය පරදුවට තබා ක්‍රියා කල නිවාඩු ලබා සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබලාට නිල උසස් වීමක් ලබාදී මුල්‍යමය වශයෙන්ද ආධාර කර ඇගයීමට ලක්‌ කිරීම යුද හමුදා මුලස්ථානයේදී සිදුකර ඇත.

Read More

සෙබාදනවි විදුලි බලාගාරයේ සම්පූර්ණ ධාරිතාව වන මෙගා වොට් 350 අද පස්වරුවේ අග්‍රාමාත්‍ය හරිනි අමසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජාතික පද්ධතියට එක්කරනු ලැබීය. මේ හරහා සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 12ක් සපුරාලීමට අවස්ථාව ලැබෙයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි කොළඹ විජේරාම නිල නිවස අලුත් වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 5000කට අධික ප්‍රමාණයක් වැය කර ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු අදායම් ලාභී පුද්ගලයන්ගේ නිවාස 150ක් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් වැය කරන මුදල රුපියල් ලක්ෂ 1400ක් බවත් ඉඩම් හා වාරී මාර්ග නියෝජ්‍යය අමාත්‍යය සුසිල් රණසිංහ මහතා පැවසීය.

Read More

දැනට ලංකාවේ වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු ලබන කහ සහ ඉඟුරු වගාවන් සඳහා විශේෂ රක්ෂණ යෝජනා ක්‍රියාතමක වේ.

Read More

2025 සැප්තැම්බර් දෙවැනි පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගියදා (11) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.මේ අනුව පාර්ලිමේන්තුව සැප්තැම්බර් 23 සිට 26 දක්වා රැස්වීමට නියමිතය.

Read More

තිරිවානා අපනයනය පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු විය. තිරිවානා සමග පළිගු (Clear Quartz) නිීති විරෝධි ලෙස අපනයනය කිරීමේ ජාවාරම් සිදුවන බවත් ඒ සඳහා කාර්යාංශයේ අභ්‍යන්තරයේ ඇතැමුන්ගේ සහය හිමිවන බව පෙනී යන බවත් මෙහිදී සාකච්ඡා විය. පළිගු අපනයනය සිදු කිරීම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරය යටතට ලබා දී අනෙකුත් තිරිවානා නීත්‍යනුකූල ලෙස අපනයනය කිරීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව කාරක සභාව මෙහිදී පෙන්වා දුන්නේය.

Read More

මේ වසරේ පළමු මාස 6 තුළ තෙල් සංස්ථාව රුපියල් බිලියන 18.2ක් උපයා ඇති බවත් එයින් රුපියල් කෝටි 500ක් මහා භාණ්ඩාගාරයට දුන් බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ සිට සමගි ජන බලවේගයට එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් පුද්ගලයන්ට පනවා තිබූ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

දැන් මම විදුලි බල මණ්ඩලයේ සේවක මහත්වරුන්ගෙන් අහන්නේ පරණ ඒක නතර කරපු ඒක අපරාධයක්ද? ස්ට්‍රයික් කරන්න. අකුරට වැඩ කරනවා කියනවා. ලෙඩ නිවාඩු ගන්නවා කියනවා ගන්න කියන්නකෝ. මෙහෙම වැඩ කරන්න බෑ. කවුරුත් නිද්‍රාශීලී වෙලා හිටියේ. මෙහෙම වැඩ කරන්න බෑ.

Read More

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අද දිනයේදී වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණට භාර වූ සම්පත් මනම්පේරි දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දුන්නේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම අවසරය ලබාදුන්නේය.

Read More

2025.09.23 දින පාර්ලිමේන්තුවේ දෙවනවර කියවා අනුමත කිරීමට නියමිත ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදිය.

Read More

වැඩිම රිලා ගහණයක් ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ බව පසුගිය කාලයේ කළ සංගණනයෙන් තහවුරු වූ බවත් ඉන් අනතුරුව කෑගල්ල, කුරුණෑගල හා අනුරාධපුර නගර පවතින බවත් කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවැසීය.

Read More

අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැන‍ිමට‌ සොයමින් සිටි සම්පත් මනම්පේරි අධිකර‍ණයට භාර වී තිබේ. ඔහු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.

Read More

ඉදිරියේදී පැවැත්වීමට නියමිත දියවඩන නිලමේ ඡන්දය ඉලක්ක කරිමින් පෞද්ගලික න්‍යාය පත්‍රයන් පෙරදැරි කර ගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් මෙම කාලසීමාව තුළ බෞද්ධ සමාජය අපහාසයට ලක් කෙරෙමින් පටු චේතනාවෙන් පදනම් විරහිතව සිදුකරන වෛරී සහගත ප්‍රකාශයන් හෙළා දකින බව මතු අස්ගිරි මහානාහිමිවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති නිවේදනයක සඳහන්ය.

Read More

’’ලංකාවේ කංසා වගා කරලා අර ලූණූ ගොවිතැන් කරනවා වගේ, මල් ගෝවා ගොවිතැන් කරනවා වගේ විධිමත් බවක් ඇති කරලා, නීත්‍යාණූකූල අවසරයක් දුන්නොත් ණය ගොඩක හිර වෙලා ඉන්න රට ආර්ථික වශයෙන් අපිට ගොඩ ගන්න පුලුවන් කියන එක මා විශ්වාස කරනවා. කැමති කෙනෙක් මේවා පාවිච්චි කරයි. දැනටත් පාවිච්චි කරනවානේ, දැන් සිගරට් මේ රටේ අලෙවිකරනවානේ, අපිට ඒක නතර කරන්න බෑ .කැමති කෙනෙක් බොයි, අකමැති කෙනෙක් නිකං ඉඳියි.ඕක ප්‍රශ්නයක් නෑනේ’’ යැයි නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසූහ.

Read More

සංවිධානාත්මක අපරාධකල්ලි මතු පිටින් තියෙන රාජ්‍යයට සමාන කලු රාජ්‍යයක් නිර්මාණය කර තිබෙනවා. මේ යටිබිම්ගත රාජ්‍ය අපි සහමුලින්ම අවසන් කරනවා. දැනට අත්අඩංගුවට අරන් ඉන්න පිරිස අපේ රටේ මත්ද්‍රව්‍ය ජාලයෙන් සියයට 50ක් හසුරුවලා තිබෙනවා. සමහර මන්ත්‍රීවරු මාසයේ බදු මුදල ගන්නවා වගේ ගෙරද ගිහින් සල්ලි අරන් තියෙනවා. සමහර ඇමතිවරු මාස් පතා මේ අයව ගෙදරට ගෙන්නගෙන තිබෙනවා. මේක අපි මැඩ පවත්වනවා.

Read More

දඹුල්ල නගරය ගංජා ,අයිස්, හෙරොයින් මත්ද්‍රව්‍ය ව්‍යසනයක් බවට පත්ව ඇති නිසා වහාම දඹුල්ල නගරය විනයගරුක නීතිගරුක මතින් තොර දඹුල්ලක් ඇති කිරීම සඳහා පොලිසියේ සහ ජනතාවගේ සහයෝගය අවශ්‍යව බව දඹුල්ල නගරාධිපතී වසන්ත කේ රාජමන්ත්‍රී මහතා සඳහන් කළේය.

Read More

කොත්මලේ යනු මෙරට ඉතිහාසයේ ගැඹුරින් කාවැදුණු කිසිදාක නොමැකෙන සිහිවටන රැසකින් සමන්විත වූ අතිශය මනරම් වූ ඵෙතිහාසික පුරවරයකි. ඉපැරණි සිදුවීම් රැසකින් පොහොසත් වූ කොත්මලේ පුරවරය මනරම් කඳු රැසකින් වට වූ ඉතාමත් ආරක්ෂාකාරී මෙන්ම සුන්දර භූමි භාගයකින් සැදුම්ලත් අව්‍යාජ ගැමියන් ජීවත් වන ඵෙතිහාසික ගම්මාන රැසකින් සමන්විත ප්‍රදේශයකි.

Read More

ඔටෝ මොබයිල් සහ විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (16) පස්වරුවේ පැවැත්විණි.

Read More

දිවයිනේ විවිධ ප්‍ර දේශවල ඊයේ දිනයේ සිදුව ඇති රිය අනතුරු හතකින් අවුරුදු 3ක කඩා දැරියක් ඇතුළු 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Read More

මධ්‍යම අ‍ධිවේගයේ මාර්ගයේ පළමු කොටස වන කඩවත මීරිගම කොටසේ වැඩ නැවත ආරම්භ කිරීම අද පෙරවරුවේ කඩවතදී සිදු කිරීමට නියමිතය.

Read More

ජාතික සමථ දිනය සැමරීමේ උත්සවය මෙවර ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ 07 පිහිටි පදනම් ආයතයේදී කොළඹ 07 පදනම් ආයතනයේදී පැවැත්විණ.

Read More

බාල බෙහෙත් නඩුවට අදාළව අද දිනයේදී අධි චෝදනා භාර දුන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදාහරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියම කළේය

Read More

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් භාරයට පත්කර ප්‍රශ්න කරමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පානදුරේ නිලංග නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුනි.

Read More

කීරි සම්බා සහල් හිඟයක් ඇති වීමට ඉඩ නොදෙන බවත් අවශ්‍යතාවක් ඇතිවුවහොත් සහල් ආනයනය කිරීමට හෝ ආදේශක සහල් සඳහා අනුමැතිය හිමිවී ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

Read More

ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ මීළඟ සංචාරය ලෙස ජපාන සංචාරය ලබන 26 දා ආරම්භ වෙයි. මෙහිදී ජනපතිවරයා ජපාන එක්ස්පෝ ප්‍රදර්ශනයට එක්වීමට නියමිතය. ජපාන රජයේ ආරාධනාවක් අනුව ජනපතිවරයා මෙම සංචාරයට එක්වෙයි.

Read More

තවද මෙහිදී ධීවරයින් සඳහා වන විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා නොවැම්බර් 21 වන දින සිට මේ රටේ සමස්ත ධීවර ප්‍රජාව සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරන බව ප්‍රකාශ කළේය. ඒ අනුව එය දායක විශ්‍රාම වැටුපක් ලෙස හැඳින්විය හැකි බැවින් ධීවර ප්‍රජාවට ඔවුන්ගේ දායකත්වයේ ප්‍රමාණය අනුව ප්‍රතිලාභ ලබා දෙන නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරන බවත් තවදුරටත් අදහස් දක්වමින් ගරු නියෝජ්‍ය අමාත

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.