සියලු දේ නිවැරදි වි ඇතැයි තමන්ට හැගී ගිය විට ඉරානයට එරෙහි යුද්ධය අවසන් කරන බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා ෆොක්ස් නිවුස් සමඟ පැවැති සාකච්ඡාවකදි මේ බව කීවේය.
ඇමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායකයාට හානි වී ඇති නමුත් ඔහු යම් ආකාරයකින් ජීවතුන් අතර සිටින බව තමන් සිතන බවද ජනපතිවරා පැවැසීය.
එක්සත් ජනපදයට අවශ්‍ය නම් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් රැගෙන යාමට කටයුතු කරන බවත් "දේවල් ඉතා හොඳින් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. කුමක් සිදුවේදැයි අපි බලමු" යැයි ට්‍රම්ප් පවසයි
ඉදිරි සතිය තුළ ඉරානයට ඉතා තදින් පහර දෙන බව සඳහන් කළ ජනපතිවරයා ඉරානයේ යටිතල පහසුකම්වලට දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයිද පැවැසිය. "අපි දැනටමත් ඒවාට දැඩි ලෙස හානි කර ඇති අතර ඒවා නැවත ගොඩනැගීමට වසර ගණනාවක් ගතවනු ඇත."