ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර්බස් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවට වූ චෝදනාවකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පැය 7කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.