ගෑස් සන්තකයේ තබාගෙන අලෙවි නොකරන බවට පාරිභෝගිකයින් ලද තොරතුරක් මත බදුල්ල පාරිභෝගික අධිකාරිය මඟින් හාලිඇල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් වටලා ඇත.
එහිදි පාරිභෝගිකයින්ට ගෑස් නොමැති බව පවසා සඟවාගෙන සිටි ලොරි රථ දෙකක පටවා තිබූ ගෑස් තොගයක් සොයාගෙන තිබේ.පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වසා දැමූ එම ස්ථානයට ගොස් විවෘත කර බැලීමේදී ගෑස් තොගය හමුවී ඇත.
මෙම ව්‍යාපාරයේ කළමනාකරු පවසා ඇත්තේ එම ගෑස් තොගය වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමට තිබූ බවයි.
කෙසේ වෙතත් ගෑස් නොමැති බව පවසා සඟවාගෙන සිටීමේ චෝදනාව මත ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික අධිකාරිය කටයුතු යොදා තිබිණි.ඒ වන විට ගෑස් ලබාගැනීමට පැමිණි පාරිභෝගිකයන්ට එම ගෑස් නියමිත මිලට අලෙවි කිරීමට එම නිලධාරීන් වෙළෙඳසැලට උපදෙස් දී තිබිණි.
බදුල්ල පාරිභෝගික අධිකාරියේ ස්ථාන භාර නිලධාරී අමිල රත්නායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.