දික්ඔය රෝහලේ ආරක්ෂිත කැමරා පද්ධිතය පොලිස් භාරයට
දික්ඔය මුලික රෝහලේ මෘත ශරිරාගාරයේදි මිය ගිය 23 හැවිරිදි තරුණියකගේ සිරුරක් එම රොහලේ සේවකයින් තිදෙනෙකු විසින් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ෂන කටයුතු සිදු කරන නෝර්වුඩ් පොලිසිය හැටන් මහේස්ත්‍රාත් අධීකරණයේ නියෝගයක් මත එම රෝහලේ ආරක්ෂිත කැමරා පද්ධතිය පොලිසිය භාරයට ගෙන ඇත.
සිද්ධියට සම්බන්ධ එම රෝහලේ සැකකාර සේවකයින් තිදෙනා අවස්ථා දෙකකදි හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වී ඇප මත සිටින අතර, එම සැකකරුවන්ගෙන් නෝර්වුඩ් පොලිසිය මගින් ප්‍රකාශද සටහන් කරගෙන ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් දික්ඔය මූලික රෝහලේ ත්‍රිපුද්ගල කමිටුවක් විසින් සිදු කරන ලද පරික්ෂණයට අමතරව හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් මත හැටන් මහේස්ත්‍රාත් අධිකරණ මගින් පොලිස් භාරයට ගත් රෝහලේ ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත ගබඩාව රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර, රෝහලේ ත්‍රිපුද්ගල කමිටුව විසින් පරික්ෂාවට ලක් කල ආරක්ෂිත කැමරා දර්ශන වලට අමතරව තවත් දර්ශන එම ආරක්ෂිත කැමරා දත්තවල තිබුණේද යන්න පිලිබදව සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කරන බවත්, යලිත් මෙම නඩුව 2026.05.18 දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවන බවත්, එදිනය සැකකරුවන් තිදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි නෝර්වුඩ් පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.
මෙම සිද්ධිය ඉකුත් මස (23) දින රාත්‍රී සිදු වි ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මේ මස (03) දින ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල ඉදිරිපිට මෙයට පරික්ෂනයක් පවත්වන ලෙස බල කරමින් උද්ගෝෂණයක් සිදු කරන තෙක් රෝහල් පාලන අධිකාරිය විසින් පරික්ෂණයක් ආරම්භ කර නොතිබුණ අතර, උද්ගෝෂණයෙන් පසු දික්ඔය මුලික රෝහලේ පාලන අධිකාරිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීමට එම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබුණී.
සිද්ධියට සම්බන්ධ රෝහලේ සේවකයින් තිදෙනා රෝහලෙන් තාවකාලිකව නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලට මාරු කර යවා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

