මත්ද්‍රව්‍ය සමග තවත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය බහලු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු (05) භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
විශ්වසනීය බුද්ධි තොරතුරු විශ්ලේෂණයකට අනුව සකස් කළ මෙහෙයුම් සැලසුමක් මත, ශ්‍රී ලංකාවේ දෙවුන්දර ප්‍රදේශයට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේදී නාවික හමුදා දිගුදුර නාවික බලඇණිය විසින් මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බවද නාවික හමුදාව සඳහන් කරයි.
‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය වැටලීම් සහ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අනෙකුත් හමුදාවන් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් මෙහෙයුම් සිදුකරන අතර, මෙම ඒකාබද්ධ මෙහෙයුම සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද නාවික හමුදාව සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

