මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා දේශපාලකයන් අතර සබඳතාව නැති කළා
“පසුගිය රජයන් කාලයේදී විෂ මත් ද්රව්යජාවාරම්කරුවන් සහ පාතාල ක්‍රියාකාරීන් සමඟ දේශපාලඥයින් පැවැත්වූ සම්බන්ධතාවයන් අපේ රජය නැත්තටම නැති කළා” යැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ (12) වෙනිදා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති “රටම එකට” විෂ මත් ද්‍රව්‍ය මුලින් උපුටා දැමීමේ මොනරාගල දිස්ත්‍රික් මෙහෙයුම් සභාව පිහිටුවීමෙ අවස්ථාවට එක් වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "2025 ඔක්තෝබර් 30 වෙනි දින විෂ මත් ද්‍රව්‍ය පිටු දැකීමේ ජාතික කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්පැවැත්වුණා.එම මෙහෙයුම් කමිටුව දිස්ත්රික්ප්රාදේශීය ලේකම් සහ ග්‍රාම සේවා වසම් මට්ටමෙන් පිහිටුවනවා.එම කමිටු වල මූලික අරමුණවි ෂ මත් ද්‍රව්‍ය තම ප්‍රදේශ වලින් මුළු උපුටා දැමීමයි.රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්,ග්‍රාමීය නායකයින් මෙම කමිටු වලටසම්බන්ධ වෙනවා.විෂ මත් ද්‍රව්‍ය රඳාපවතින්නේ සැපයුම සහ ඉල්ලුම මතයි.මුහුදු මාර්ගයෙන් ගුවන් මඟින් අපේ රටට විෂ මත් ද්‍රව්‍ය රැගෙන එනවා.
පසුගිය කාලයේ ඒ සඳහා ඇතැම් දේශපාලඥයින්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඊට ලැබී තිබුණා.නමුත් වත්මන් රජය,විෂ මත් ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සඳහා වැටලීම් රාශියක් කරගෙන යනවා.මාධ්‍ය මඟින් සියලු දෙනාට එය දැනගැනීමට පුළුවන්.අදත් අයිස් කිලෝ දහසක් සමඟ බෝට්ටුවක් අල්ලාගෙන තිබෙනවා.මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අපේ රජයෙන් කිසිම සමාවක් නැහැ.දිය හැකි උපරිම දඩුවම් ලබා දෙනවා.
ඒ වගේම මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටින ළමයින්,තරුණයින්,වැඩිහිටියන්,කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරගෙන යනවා.දිස්ත්‍රික් මට්ටමෙන් අඩුම වශයෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකක්වත් ආරම්භ කිරීමට පියවර ගන්නවා. විෂ මත් ද්‍රව්‍ය පැතිරීයාම නීතිය මඟින් පමණක් නතර කළ නොහැකියි.සියලුම ජනතාව එකතුවී එය මුලින් උපුටා දැමීමට කටයුතු කළ යුතුයි.රටම එකට ජාතික මෙහෙයුම් කමිටුව පිහිටුවීමේ අරමුණ එයයි.පොලීසිය,පොලිස් විශේෂ කාර්ය බලකාය,ත්‍රිවිධ හමුදාව,රේගුව,සුරා බදු දෙපාර්තුමේන්තුව ඊට උපරිම සහයෝගය ලබා දිය යුතුයි.සියලුම දෙනාගේ සහයෝගය ලැබුණොත් වැඩි කල් යන්නට කල කලින් විෂ මත් ද්‍රව්‍ය වරදුර මුලින් උපුටා දැමීම අපට හැකියි"
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
