saravita-anim2

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 93 hours ago

LATEST

මෛත්‍රීට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් කැඳවිමක්

calendar_today 2026 පෙබ 18 - 19:41 remove_red_eye - 199  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මේ මස 20 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක් සිදුකර තිබේ.

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මේ අනුව ඌප පළාතෙත් පොලොන්නරව, මඩකලපුව, අම්පාර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ මිලි මීටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ නිල උත්සවයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (17) සහභාගිවිය.

Read More

’AI Impact Summit 2026’ සඳහා සහභාගිවීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනපති අනුර කුමාර දිසානායක මහතා අද (18) දා පෙරවරුවේදී ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා හමව තිබේ.

Read More

කිසිදු අවස්ථාවක ගංගා වැලි භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කර නොමැති බවත්, ගංගා වැලිවලට අමතරව වෙනත් ආදේශක භාවිතා කිරීම සඳහා නෛතික අවසරය ලබා දීම පමණක් සිදු කර ඇති බවත් නිවාස ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු එල්.බී. කුමුදු ලාල් මහතා පැවසීය.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (18) ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අතර හමුවක් ඊයේ (17) සිදුව තිබෙනවා.

Read More

මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට සිදුව තිබෙනවා.

Read More

ගුවන් තොටු පොළ 5ක් හරහා මගින් 1,045,097 දෙනෙකුට පහසුකම් සලසා ඇති බව බව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පවසයි.

Read More

ලංකාවේ ප්‍රථම වතාවට මෙගාවොට් 160ක විදුලිබල ගබඩාකරණ බැටරි පද්ධතිය ඉදිකිරීම ඉදිරි මාස 06ක් තුළ සිදුකිරීමට බලාපොරොත්තු වන බවත්, නුදුරේදීම තවත් මෙගාවොට් 300ක බැටරි ගබඩාකරණ පද්ධතියක් ඉදිකිරීමට ටෙන්ඩර කැදවන බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.

Read More

පින්නවල අලි අනාතාගාරයේ 2025 වසරේ මුළු ආදායම රුපියල් මිලියන 1029 ක් බවත් ජාතික ආර්ථිකයට එය විශාල පිටිවහලක් ලබා දෙන තැනක් බවට පත්ව තිබෙන බවත්

Read More

උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල අද දිනයේදි විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

’’දූවිල්ලෙන් සෑදුණු මිනිසා දූවිල්ලටම හැරෙන්නේය’’ යන දේව ප්‍රකාශය සිහිපත් කරමින් කිතුණුවන් මෙම දිනය සමරයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (International Monetary Fund) කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය සහ අග්‍රාමාත්‍ය Harini Amarasuriya මහත්මිය අතර හමුවක් ඊයේ (17) අරලියගහ මන්දිරය දී පැවැත්වුණි.

Read More

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන විස්සයි විස්ස තරගාවලියේ තරග කීපයක් සදහා සහභාගී වීම සදහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 02/17 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මන්ත්‍රීවරයෙක්ට හිමි විශ්‍රාම වැටුප මෙන්ම ජනපතිවරයෙක්ට හිමි විශ්‍රාම වැටුප යන දෙකම ලබාගෙන ඇති බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායකමහතා කීය.

Read More

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකයත් හිමිවෙයි

Read More

ආර්ථික අර්බුදය හේතුවෙන් නවතා දැමූ ව්‍යාපෘති කිහිපයක් යළි ආරම්භ කිරීමට එකග වූ බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.

Read More

දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වු උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ අඹේවෙළ අතර දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරන කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

Read More

ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, 1971 අංක 38 දරන මුදල් පනතෙහි ප්‍රතිපාදන අනුව 2026-06-30 දින වන විට ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීම සඳහා පියවර ගැනීමටත්, දැනට ශ්‍රම වාසනා අරමුදල මඟින් සපයනු ලබන හා වෙනත් ආයතනයක් මඟින් ආවරණය නොකෙරෙන තවදුරටත් පවත්වාගෙන යා යුතු සේවාවන් කම්කරු අමාත්‍යාංශය මඟින් පවත්වාගෙන යාමටත් නියමිතව ඇත.

Read More

තද වැසි පිළිබ ඳ ව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. නැගෙනහිර, ඌව පළාත් හා පොලොන්නරුව, මාතලේ, නුවරඒළිය හා හම්බන්තොට දිස්ත්‍රික්ක ඳසහා අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

බුත්තල පුහුල්කොටුව යුදඟනාව ජනපදයේ පදිංචි තරුණයෙකු පියා විසින් ගවයින් විකිණීම නිසා සිත් තැවුලට පත්ව (16) වෙනිදා උදෑසන දිවි නසා ගෙන ඇත.මෙලෙස දිවි නසාගෙන ඇත්තේ හේවාවසම් ගමගේ ලහිරු උදයංග (23) නැමති තරුණයෙකි. ඔහු විවාහවී ඇත්තේ 2026 ජනවාරි මාසයේය.

Read More

පිළිකා හඳුනාගැනීමට මූලිකවම භාවිතා කෙරෙන FDG (Fluoro Deoxy Glucose) ඖෂධය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම ආරම්භ කරයි ...

Read More

’පදිංචිකරුවන් ආරක්ෂා කිරීම’ සහ ’කුලී අවලංගු කිරීම’ යන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ පැවැත්වෙන කෘතිම බුද්ධිය පිළිබද ( A.I. Impact summit ) ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සදහා 02/17 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

Read More

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු, කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා

Read More

“විදුලිබල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබාගන්න දින 21ක් ලබාදුන්නා. එහිදී ඉදිරිපත් කරපු යෝජනා අදහස් සැළකිල්ලට අරගෙන සංශෝධනය කරමින් සැකසූ අවසන් ප්‍රතිපත්ති යෝජනා ඇතුළත් වාර්තාව, දැන් නැවතත් මහජන අදහස් ලබාගැනීම සඳහා ඉදිරිපත් කරල තියෙනවා. ඉදිරි 19 වන දින දක්වා ඒ සම්බන්ධයෙන් වන අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න පුලුවන්” යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේය.

Read More

එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා එක් දින සංචාරයක් සදහා 02/17 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More

දිවයිනේ සියලු ප්‍රදේශවල මෙතෙක් හඳුනා නොගත් පුරා විද්‍යාත්මක ස්ථාන දහසක් හඳුනා ගෙන සංරක්ෂණය කිරීමේ කටයුුතු මේ වසරේ ආරම්භ කරන බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා කීය.

Read More

විස්සයි20 ජාත්‍යන්තර තරගවලදි ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා ලෙස කුසල් මෙන්ඩිස් ඊයේ වාර්තා අතරට එක්විය. ඒ් ඊයේ තරගයේදි ඔහු එල්ල කළ හයේ පහරත් සමගින් කුසල් විස්සයි20 පිටියේදි එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 97ක් දක්වා වර්ධනය විය. මිට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රි ලංකා විස්සයි20 නායක දසුන් ශානක වන අතර ඔහු හයෙ පහර 96ක් ඒල්ල කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.