saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 5278 hours ago

LATEST

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇති නොවීමට කටයුතු කරන්න

calendar_today 2022 ජුනි 03 - 09:29 remove_red_eye - 256  

සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

එක්සත් ජනපද නායකයා විශ්වාස කරන ආකාරයට ඔහුට රුසියාවෙන් කුණු කොල්ලයට ඉන්ධන ලබාගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බව රුසියාව අවධාරණය කරයි.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා අතර හමුවක් සිදුවිය. ඒ ඊයේ (02දා) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීය.

Read More

මෙම රටවල් ගෝලීය ආහාර වෙළෙඳපාළට ක්ෂණිකව නැවත ඒකාබද්ධ කිරීම හැර ගෝලීය ආහාර අර්බුදයට වෙනත් විසඳුමක් නොමැති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.

Read More

සමගි ජන බලවේගය වත්තල ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ නියෝමාල් පෙරේරා මහතා අද (02) පත් කරනු ලැබීය.

Read More

යුක්රේනය වෙනුවෙන් සටන් කරන මුළු විදේශිකයන්ගේ සංඛ්‍යාව අඩකට ආසන්න වී ඇති බව අනාවරණය වෙයි.

Read More

රටට වගකියනු ලබන විපක්ෂයක් ලෙස රටේ සියලු පුද්ගලයක් සම්බන්ධ කර ගනිමින් දැවැන්ත වගා සංග්‍රාමයක් ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මෑත කාලීන කොන්දේ සැත්කමකින් පසුවත් ඔහුට දැනුණු අඛණ්ඩ වේදනාව ගැන වෛද්‍යවරයාට දොස් පවරා මීට පෙර ඔක්ලහෝමා ප්‍රාන්තයේ, ටුල්සා හි වෙඩි තැබීම සිදුව තිබුණි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු සඳහා නායකත්වය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

Read More

බකිංහැම් මාලිගයට අනුව, ඉතා අකමැත්තෙන් වුවත් මෙම දේව මෙහෙය මඟ හැරීමට තීරණය කර ඇත.

Read More

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් අද (02දා) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Read More

පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරිම හා සාපරාධී බලහත්කාර පෑමට අදාළළු සැගව සිටින සැකකරුවෙක් හා සැකකාරියෙක් අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබා දෙන ලෙස පොලීසිය මහජන සහාය ඉල්ලයි.

Read More

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මත ඉදීරියේදී ආහාර හිඟයක් මතුවීමේ අවදානමක් ඇති බව විද්වතුන් විසින් පෙන්නුම් කර දී ඇති පසුබිමක රටක් ලෙස මෙම තත්ත්වයට මුහුණදීමට අප සැවොම එක්ව ඉතා වගකීමෙන් වැඩ කළ යුතුයි. රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා වගා කටයුතුවලට යොමුවීම හා ජනතාව ඒ සඳහා දිරිමත් කිරීම ඉතාමත් කාලෝචිත බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

Read More

අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව විවාදය ලබන 8 වැනිදා ප.ව 5.30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්ක‍යේ හුරුළු වැව, ගලෙන්බිඳුනුවැව හා යකල්ල ප්‍රදේශවල කුඹුරු ඉඩම්වල පිහිටි ගොඩ කොටස ඇතුළත් ඉඩම් අක්කර 1000ක බඩඉරිගු වගාව සඳහා යුරියා පොහොර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (02දා) තීරණය කළේය.

Read More

සමගි ජන බලවේගය පක්ෂයේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (2දා) පත්කර තිබේ.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පසුගිය මාර්තු මස 03 වන දින ඉපිද ඇති බෙංගාලි ව්‍යාග්‍ර පැටවුන් තිදෙනා මාස තුනකට පසු අද (02දා) මහජන ප්‍රදර්ශනයට යොමුකරනු ලැබිණැයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් ප්‍රේමකාන්ත මහතා පැවැසීීය.

Read More

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව හමුවක් අද (2දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Read More

ජොනී ඩෙප්ට එරෙහිව පැවැති නඩුවට අදාලව අභියාචනයක් ගොනු කිරිමට ඇම්බර් හර්ඩ් සැලසුම් කර තිබේ. ඒ එම නඩුවෙන් ඇය පරාජයට පත්වීමත් ජොනී ඩෙප්ට වන්දි වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක පමණ මුදලක් ගෙවීමට සිදුවීමත් හේතුවෙනි.

Read More

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

ජාතික තරුණ සේවා සභාවේ සභාපති වශයෙන් ආචාර්ය තිරාන් සිරිපත් ද සිල්වා මහතා අද (02දා) එම ධූරයේ වැඩ බාර භාර ගැනීම මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදී සිදුකෙරිණි .

Read More

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

ජනපති සමාව අත්හිටුවීම හේතුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබේ.

Read More

අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර ජනාධිපති කාර්යාලය අසල අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නාගරික මන්ත්‍රි මහින්ද කහඳගමගේ මහතා අද (02දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වන රක්ෂිතවල හටගන්නා කොස් ඵලදාව නෙලා ගැනීමට වනාන්තරයට ඇතුළු වීම සඳහා මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම වන ජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

Read More

පොලිස් නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැන තර්ජනය කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම වත්මන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයෙකුට හා ඔහුගේ බිරිඳට එරෙහිව පොලිස් නිලධාරියෙක් විසින් වීරකැටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

Read More

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති අ.පො.ස උසස් පෙළ විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

Read More

ඉන්දියාවෙන් ලැබුණ මානුෂීය ආධාර බෙදාදීමේදි තමන් බලපැම් කළ බවට පලවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ මේ පිළිබඳව සඳහන් කළ ග්‍රාම නිලධාරී සංගමයෙන් තමන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වන බවද ඔහු පවසයි. ඒ සඳහා සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට හෝ පිළිතුරු දිමට අපොහොසත් වන්නේ නම් නිතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පවසයි.

Read More

ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත ඒකකයේ සේවයකරන මාණ්ඩලික,විධායක සහ ඉන් පහළ ශ්‍රේණියේ නිලධාරීන් සඳහා සමාජශාලාවක් පසුගියදා විවෘතකෙරිණි.

Read More

සොරකම් කරන ලද යතුරුපැදි දෙකක් සහ අපරාධයට යොදාගත් තවත් යතුරු පැදියක් ද සමග යුද හමුදාවෙන් නිවාඩු මත පැමිණි සෙබලුන් දෙදෙනකු සහ යුද හමුදාවෙන් පළා ආ සෙබළෙක් ඊයේ (01දා) කොළොන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.