වී තොග රඳවා තබා ගනිමින් සහල් මිල පාලනය කර ගැනීමේ රජයේ සැලසුම ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු ණය පහසුකම් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පසුබෑමකට ලක්ව ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
වී අලෙවි මණ්ඩලයේ (PMB) සභාපති නීල් අල්විස් සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ රාජ්‍ය බැංකුවලින් රුපියල් බිලියන දෙකක් ලබා ගැනීමට ගත් පියවර අසාර්ථක වූ බැවින්, මෙට්‍රික් ටොන් 30,000 ක ආරක්ෂිත තොගයක් එකතු කර සහල් වෙළඳපල මිල පාලනය කිරීමේ සැලැස්මට බලපෑමක් එල්ල වී ඇති බවයි.
මුදල් ලබා ගැනිම අසාර්ථක වීම හේතුවෙන් පුද්ගලික මෝල්කරුවන් මෙම තත්ත්වයෙන් ප්‍රයෝජන ගෙන ගොවීන්ගෙන් අඩු මිලට වී මිලදී ගනිමින් සිටින බවද වාර්තා වෙයි.
වී කිලෝග්‍රෑමයක් රුපියල් 110 ට මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය ඉදිරිපත්ව තිබේ. පොහොර අර්බුදය හේතුවෙන් ගොවීන් ඉතාමත්ම දුෂ්කරතාවයකින් තම අස්වැන්න ලබා ගත් බවත්, අඩු මිලට තොග අලෙවි කිරීමට ගොවීන්ට සිදු වීම හේතුවෙන් ඉදිරි කන්නය සඳහා වගා කිරීමට ගොවීන් අධෛර්යමත් විය හැකි බව අල්විස් මහතා පැවසීය.
PMB විසින් මිලදී ගත් වී තොග උකස් කර රුපියල් බිලියන දෙකක ණයක් ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡා කර ඇත. කෙසේ වෙතත් රාජ්‍ය බැංකු විසින් නිකුත් කර තිබුණේ රුපියල් මිලියන 250ක් පමණක් වන අතර එමඟින් වී මෙට්‍රික් ටොන් 7000ක් පමණක් මිලදී ගැනීමට ඔවුන්ට ආයතනයට හැකි විය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර සන්ඩේ ටයිම්ස් වෙත පැවසුවේ රජය මැදිහත් වී ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා පීඑම්බීයට පහසුකම් සලසනු ඇතැයි තමන් තවමත් අපේක්ෂා කරන බවයි. අඩුම තරමින් මෙට්‍රික් ටොන් 20,000ක්වත් මිලදී නොගතහොත් සහල් මිල පාලනය කිරීම අපහසු වනු ඇතැයි ඔහු පැවසීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ සහල් ආනයනය කිරීමට මුදල් වැය කරනවා වෙනුවට දේශීයව තොග මිලදී ගෙන මිල පාලනය කිරීම වඩා හොඳ බවයි. වත්මන් කන්නයේ අස්වනු නෙලීම අවසන් වෙමින් පවතින අතර ඊළඟ කන්නය සඳහා සූදානම් කිරීම් මේ මස අගදී ආරම්භ කිරීමට නියමිතය.